බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට දැනුම් දීමක්


 මෙවර මහ කන්නයේ දී (2025/26) බඩ ඉරිඟු වගා කරන මෙරට සියලුම ගොවීන් ලියාපදිංචි විය යුතු බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පවසන්නේ ඒ සඳහා www.agrarian.lk වෙබ් අඩවිය වෙත පිවිස එහි මුල් පිටුවේ (Home Page) හි ඇති ” බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීම ” / “Maize Farmers Registration” යන සබැඳිය (Link) මගින් හෝ www.agrariandept.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ මුල් පිටුවේ (Home Page) හි ඇති සබැඳිය (Link) මගින් විවෘත වන පෝරමය පුරවා ,මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි විය හැකි බවයි.

මෙහිදී මෙම කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ප්‍රමාණය තහවුරු කෙරෙන අතර ඒ තුළින් මහකන්නයේ දී අපේක්ෂිත බඩ ඉරිඟු අස්වැන්න පුරෝතකනය කිරීම පහසුවනු ඇතැයිද ඒ මහතා කීය.ඒ අනුව ඉදිරි වසර තුළ මෙරට ආනයනය කළ යුතු බඩ ඉරිඟු ප්‍රමාණය තීරණය කර කළ හැකිවනු ඇතැයිද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.


✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post