තරුණ අයට heart attack හැදෙන්නේ ඇයි? හෘද රෝග මරණ ගැන විශේෂ අනාවරණයක්...


 ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.


එහි සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා මේ බව සදහන් කලේ ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

ව්‍යායාම, යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන් වැළකීම මෙන්ම නිතිපතා කරන සෞඛ්‍ය පරීක්ෂාවන් ද මේ සඳහා වැදගත් වන බවයි ඔහු පවසන්නේ.

''හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේ ද හෘදයාබාධයක ලක්ෂණ මොනවාද හෘදයාබාධයක් ඇති වූ විට අපි ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න දැන ගැනීම සෞඛ්‍ය වෘත්තිකයින්ගේ පමණක් වගකීම නෙමේ. එය සියලු මහජනතාව දැනුවත් විය යුතු කරුණක්. ඔබ ඒ ගැන දැනුවත් වුවහොත් ඔබ ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවහොත් වෛද්‍යවරුන්ටත්, හෙද කාර්‍ය මණ්ඩලයටත් ඔබ වෙනුවෙන් කළ හැකි දේ බොහෝමයි.. අපි අපේ හදවතට කළ යුතු යුතුකමක් තියෙනවා. එය ඉටු කිරීම ඔබේ වගකීමක්..

ලෝක හදවත් දිනය යෙදී තියෙන්නේ හෙට දිනට යෙදී සිටිනවා.

හෘදයාබාධයක් යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?
සාමාන්‍යයෙන් හෘදයාබාධයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ හෘදයට ලේ සපයන කිරිටක ධමනි අවහිර වීම හේතුවෙන් හෘද වස්තුවේ මාංශපේශී තුවාල වීම හෝ සම්පුර්ණයෙන් ම මිය යෑමේ තත්ත්වයට ය. මාංශ පේශී මිය ගියහොත් ප්‍රබල හෘදයාබාධ තත්ත්වයක් ලෙස හඳුන්වනු ලබයි. එමෙන් ම මාංශ පේශී තුවාල වීමක් සිදු වුවහොත් සුළු හෘදයාබාධ තත්ත්වයක් වශයෙන් හඳුන්වනු ලබයි.

හෘද රෝගයක ලක්ෂණ මොනවා ද?
1- පපුවේ වේදනාව - දැඩි තෙරපුමක ස්වභාවයක්, පපුව මැද හිරවනු දැනීම
2-ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇති වීම - පපුවේ සිට අත (සාමාන්‍යයෙන් වම අතෙහි මෙම ස්වභාවය හටගත්ත ද, දෑතටම බල පෑ හැකිය.), හකු ප්‍රදේශය, බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්.
3-ක්ලාන්ත ස්වභාවයක් ඇති වීම
4-දහඩිය දැමීම
5-හුස්ම ගැනීමේ අපහසුතාව
6-වමනය දැමීමේ අවශ්‍යතාව
7-අධික නොසන්සුන්බව (තැතිගත් ස්වභාවයක්).
8-කැස්සක් හෝ ඇදුම ස්වභාවය.
ඇතැම් අවස්ථාවල විශේෂයෙන් ම වයස්ගත පුද්ගලයන් සහ දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයන්ට පපුවේ වේදනාවක් කිසිසේත් නොදැනේ.
හෘදයාබාධ හට ගැනීමට හේතුවන කරුණු මොනවා ද?
1-අධික රුධිර මේදය,
2-අධික රුධිර පීඩනය,
3-දියවැඩියාව,
4-ව්‍යායාම ප්‍රමාණවත් නොවීම,
5-තරබාරුකම
6-දුම්වැටි ඉරීම,
7-ජන්ම ප්‍රවේණිය,
8-දිගු කාලීන මානසික ආතතිය

ඔබ heart attack එකින් ගැලවෙන්නේ කොහොමද ?
1-මානසික් ආතතිය අවම කරන්න , තරහ යෑම පාලනය කරන්න, සතුටින් සිටින්න
2-සංගීත්යට සවන් දෙන්න,
3-දුම් බීම නවත්තන්න ,
4-මත්පැන් පානය නවත්තන්න, අවම කරන්න
5-දවසකට පැය අටක් නිදා නිදාගන්න,
6-දිනකට ිනිත්තු 30 බැගින් දවස් පහක් ව්‍යායාම් කරන්න
7-පිටි හා තෙල් වර්ග භාවිතය අවම කරන්න.නිවැරදි ආහාර රටාවකට පුරුදු වන්න
8-දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ැනි රෝගී තත්ත්ව ඇති නම් නිසි ප්‍රතිකාර ගන්න
9-උසට සරිලන බර පවත්වා ගන්න


✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post