බැකෝ සමන් ගේ ගෝලයා කොටු කළ මෙහෙයුම (VIDEO)


 බැකෝ සමන් අත්අඩංගවට ගැනීමෙන් අනතුරුව බැකෝ සමන්ගේ ගෝලයෙකු අඹිලිපිටිය, ගඟේ යාය ප්‍රදේශයේ සිටින බවට පොලීසිය අනාවරණය කරගෙන තිබුණා.

ඒ අනුව පොලීසිය විමර්ශනය කර ඇත්තේ මෙම සැකකරු ‍මීට පෙර ටී 56 වර්ගයේ ගිණි අවියක්ද ප්‍රවාහණය කල බවටයි.

ඒ අනුව අද පෙරවරුවේ දී වයස 29 ක සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මත වලදමා තිබියදී T81 ගිණි අවියක්, උණ්ඩ 97 මැගසින් 2ක් යුද හමුදා කැමා ඇදුමක් සොයා ගත්තා.

අත්අඩංගුවට ගත් සැකකරු බැකෝ සමන්ගේ අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදනු අයෙකු බව පොලීසිය පවසනවා.

මෙමඅත්අඩංගුවට ගත් ගිණි අවිය ප්‍රභූ ආරක්ෂක අංශයට හෝ විශේෂ කාර්ය බලකායට අයත් විය හැකි එකක් බවට පොලීසිය ෛසැක පළ කරනවා.

මෙම මෙහෙයුම සදහා පෑලියගොඩ කොට්ඨාශ අපරාධ අංශයේ ස්ථානාධිපති ලින්ටන්ද සිල්වා මහතා ඇතුලු කණ්ඩායමක් එක්ව සිටියා.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post