අහස උසට දෙහි මිල නගී. ගෙඩියක් රුපියල් 50යි


 මේ දිනවල දෙහි කිලෝවක් රුපියල් 3000-3500 අතර සිල්ලර මිලට අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.


තමන්ගේ ජීවිත කාලය තුළ දෙහි සිල්ලර මිල මේ තරම් ඉහළ නොගිය බවද මේසා මිලකට දෙහි මිල ඉහලයාම පිළිබඳව තමන් මවිතයට පත්වී ඇති බවත් ඔවුහු කියති.


මේ අනුව දෙහි ගෙඩියක් පමණක් ගැනීමට පාරිභෝගිකයින්ට රුපියල් 50 ක් 60 ක් වැය කිරීමට සිදුව ඇති බවත් මෙසේ දෙහි මිල ඉහලයාම නිසා ඇතමුන් මේ දිනවල දෙහි පාරිභෝජනයෙන් ඉවත්වී තිබෙන බවද එළවළු වෙළඳාමේ නිරතව සිටින වෙළෙන්දෝ කියති.


අවශය පමාණයට දෙහි තොග නොලැබ්මත් දෙහි හිඟවීමත් දෙහි මිල ඉහලයාමට ආසන්නතම හේතුව බවද ඔවුහු පවසති.


✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post