සියලුම ගුරුවරුන් උපාධිධාරීන් බවට පත් කිරීමට රජයෙන් සැලසුමක්


 සියලුම ගුරුවරුන් උපාධිධාරින් විය යුතුයි යන්න ක්‍රමානුකූලව සිදු කිරීම වත්මන් රජයේ ඉලක්කයක් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළේ ය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ පෙරේදා (08) පාර්ලිමේන්තු විවාදයේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ය.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස පැවසීය.


“විද්‍යා පීඨ කාලයක් තිස්සේ සංශෝධනය වෙලා නැහැ. සම්පත් විතරක් නොවෙයි ක්‍රියාත්මක වන විදිය ගැන විශාල අවධානයක් යොදවලා තිබුණේ නැහැ. මේ වසර තුළ දී වර්තමානයට  ගැලපෙන හා යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත්  ගැලපෙන පරිදි  විෂයමාලාවක් සැකසිය යුතුයි.

අපි බලාපොරොත්තු වන්නේ අපිට අවශ්‍ය ගුරුවරයා නිර්මාණය කරන එකයි. ඒ වෙනුවෙන් විද්‍යාපීඨවල සිටින ගුරුවරුන් මෙන්ම ගුරු අධ්‍යාපනඥ අංශයේ සිටින අයත් මේ වන විටත් පුහුණු කරමින් සිටිනවා.


අපේ රජයේ ඉලක්කය වන්නේ සියලුම ගුරුවරුන් උපාධිධාරින් විය යුතුයි කියන තැනට ක්‍රමානුකූලව එන්න. විද්‍යාපීඨ තුළත් උපාධියක් පිරිනමන තැනට ගේන්නයි අපට අවශ්‍ය. දැනටමත් කුලියාපිටිය විද්‍යාපීයේ උපාධිය පිරිනමනවා. ඉතිරි විද්‍යාපිඨ 19 ත්  ඒ මට්ටමට ගන්න අවශ්‍යයි..”


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post