අම්බලන්ගොඩ - ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්


 කරන්දෙණිය මහාගොඩ පුරාණ අම්පිටිය දේවාලයේ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

එම පෙරහැර හෙට 05 දහවල් 02.00 සිට රාත්‍රී 07.00 දක්වා වීථී සංචාරය කිරීමට නියමිතය.

පෙරහැර අම්පිටිය දේවාලය අසලින් ආරම්භවී අම්බලන්ගොඩ ඇල්පිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කර මහඒදණ්ඩ හන්දිය දක්වා ගමන් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙම පෙරහැර ගමන් කරනු ලබන අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසෙන කුරුඳුගහහැතැක්ම පිවිසුමට ගමන් කරනු ලබන ප්‍රධාන මාර්ගය වන බැවින් ඉහත කාලසීමාව තුළ ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසය.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post