හුංගම යුවල ඝාතනය කර ඇත්තේ ළඟම මිතුරෙකු විසින්.!


 අද (07) අලුයම හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධවලින් පහරදී සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන ‘අදුපැලෑන බිංදු’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ දක්වා සිදුකර ඇති පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් සහ අනියම් සබඳතාවක් මෙම ඝාතනයන්ට මූලික හේතුව වී ඇති බවයි.

මෙහිදී ඝාතනය වී ඇත්තේ 28 හැවිරිදි ඉමේෂා මධුභාෂිනී සහ ඇයගේ අනියම් පුරුෂයා ලෙස සැලකෙන ‘බෝපසිඳු’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රකටව සිටි 28 හැවිරිදි පසිඳු හේෂාන් නැමැත්තෙකි. ඔවුන් දෙදෙනා පිළිවෙළින් රන්න සහ තිස්සමහාරාමය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්වූ යුවළ, හුංගම වාඩිගල ප්‍රදේශයේ පිහිටි මිතුරෙකුගේ නිවසක රැඳී සිටින අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. සැකකරුවන් තියුණු ආයුධ ද රැගෙන නිවසට කඩාවැදී ඇති අතර, අපරාධය සිදුවන අවස්ථාවේ නිවසේ හිමිකාරිය ද එහි රැඳී සිටි බව වාර්තා වේ.

ප්‍රධාන සැකකරු වන ‘අදුපැලෑන බිංදු’ සහ ඝාතනයට ලක්වූ ‘බෝපසිඳු’ කලකට පෙර ඉතා කිට්ටු මිතුරන්ව සිට ඇති බවට ද තොරතුරු හෙළිදරව් වී තිබේ.

ඝාතනයට ලක්වූ පසිඳු හේෂාන් නොහොත් ‘බෝපසිඳු’ නැමැත්තා මීට පෙර මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධව අත්අඩංගුවට පත්වූවෙකි. තවද, ඔහු පසුගිය වසරේ තමා සමඟ ධීවර රැකියාවේ නිරතවූ යාත්‍රාවේ ප්‍රධානියා ඝාතනය කළ බවටද චෝදනා ලැබ සිටි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එක්ව පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරයි.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post