රත්තරන් ඇයි මේ තරම් ගණන්?


 ලෝක වෙළඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළ යාම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට මෙරට වෙළඳපොළේ කැරට් 22 රන් පවුමක මිල ඊයේ දිනය වන විට රුපියල් ලක්ෂ තුනේ සීමාව ඉක්මවා ගියා. ඊයේ පස්වරුව වන විට කොළඹ, හෙට්ටිවීදිය රත්‍රං වෙළඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් තුන් ලක්ෂ තුන්දහස් හාරසියේ සීමාවට පැමිණ තිබූ බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ. ලෝක වෙළඳපොළේ රත්‍රං මිල මෙලෙස ඉහළ යාමට බලපා ඇති හේතු මොනවාද? මේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා.


රත්‍රං වෙළඳපොළේ අනාගත හැසිරීම කුමන අයුරින් සිදුවේද යන්න පිළිබඳව ද මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා.



✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post