රිලවියන් අවුරුද්දේ පුරාම ගැබ් ගන්නවා පර්යේෂණයකින් පළමුවරට හෙළිදරව් වුණු දේ මෙන්න ...


 වසර පුරාවටම රිලවියන් ගැබ්ගන්නා බව කරන ලද පර්යේෂණයකින් පළමුවරට හදුනාගත හැකි වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා.



මිනිසුන් සමඟ ගැවසෙද්දි මෙම සතුන් තමන්ගේ ජිවන ක්‍රම වෙනස්කරමින් හැඩ ගැසෙන බව මෙයින් මනාව හෙළිවන්නේ යැයි මහාචාර්යවරයා සඳහන් කරනවා.

මිනිසුන් සමඟ ගැවසෙන විට එම සතුන්ට අවශ්‍ය කෑම බීම මනාව ලැබෙන බවත් එයින් හොඳ පෝෂණයක් ලැබිමත් සමඟ ලිංගික කටයුතු සිදුකිරීමට හැකියාව පැවතීමෙන් මෙලෙස වසර පුරාම ගැබ්ගැනීමට හේතුවක් වී ඇති බවත් මහාචාර්යවරයා පෙන්වාදේ.

සාමාන්‍යයෙන් මාස 18න් 18ට රිලවියන් පැටව් බිහිකලද මේ ක්‍රමය දැන් වෙනස් වී ඇතැයිද කොයි මොහොතක රිලවියන් ඇල්ලුවද උන්ගෙන් කීප දෙනෙකු ගැබ්ගෙන ඇති බව පසුගිය දිනවල කල පර්යේෂණයෙන් හෙලිවු බව ඔහු පැවසුවා.

මීට අමතරව මෙම පර්යේෂණයෙන් හෙළි වූ අනෙක් නවතම කාරණය වූයේ රිලව් වී ආහාරයන් ගන්නා බව යැයිද මහාචාර්යවරයා පවසනවා.

ගොයම් පැසෙන කාලයට රිලව් පලතුරු වතුවලට සිදුකරන හානිය අවම වී ඇති අතර එම හානිය ගොයමට සිදුකරන බව හදුනාගෙන ඇතැයි මහාචාර්යවරයා සඳහන් කරනවා.
කෙසේ නමුත් මිනිසුන් වෙසෙන පරිසරයන් තුළ රිලව් ගැවසීමෙන් වුන්ගේ ජීවන ක්‍රම වේගයෙන් වෙනස් කර ගනිමින් සිටින බව මෙම පර්යේෂණය තුළින් හදුනා ගත හැකි වූ බව මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා.
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post