මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් අයථා ලෙස උපයා ගත් වත්කම් මෙන්න.!


 නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (17) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම නියෝග කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි සතු වත්කම් පහතින්..

*වලස්මුල්ලේ අක්කර තුනක ඉදිකරමින් පවතින ඉන්ධන හල

*පල්ලෙකැලේ පිහිටි රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා නිවස

*මහරගම නොවින්නේ පිහිටි රුපියල් ලක්ෂ 125ක් වටිනා නිවස

*දෙමටගොඩ රුපියල් දහසය ලක්ෂ පනස්දාසක වටිනා නිවස

*තිස්සමහාරාමේ පර්චස් 44 කින් යුත් හෝටලය

*මාදිවෙල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 400ක පමණ වටිනා ඉඩම

*බෙලිඅත්ත සහ වීරකැටිය බදු පදනම මත ලබාගත් කඩ සාප්පු

*බස් රථ හා ටිපර් රථ ගණනාවක්


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post