පසුගිය 01 වනදා යෙදී තිබූ ලෝක ළමා දිනය සැමරීම සඳහා පාසලට මත්පැන් රැගෙන පැමිණි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක සිසුන් සිව් දෙනෙකු සම්බන්ධයෙන් මිටියාගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
විදුහල්පතිවරයා විසින් පොලීසියට දැනුම්දී තිබුනේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුන්, වතුර බෝතලයක මත්පැන් පුරවාගෙන විදුහලට රැගෙන විත් ඇති බවට අනාවරණය වී ඇති බවයි.
එම තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිසිය, අදාළ සිසුන් සිව්දෙනා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කර තිබේ.
පොලිස් විමර්ශනවලින් අනතුරුව සිසුන්ට දැඩි ලෙස අවවාද කර, එදිනම පස්වරුවේ ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාර දීමට කටයුතු කළ බව මිටියාගොඩ පොලිසිය සඳහන් කරයි.
මෙම සිදුවීමෙන් පසුව, දෙමව්පියන්ගේ එකඟතාව මත අදාළ සිසුන් සිව්දෙනා පාසලෙන් ඉවත් කරගෙන ඇති බවට විදුහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
✅✅✅✅
Redirecting in a moment...
Tags:
News
