ලොරි රථයක් දුම්රියේ ගැටී අනතුරක්


 අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේදි අද (04) පෙරවරුවේ කුඩා ලොරි රථයක් දුම්රියේ වැදිමෙන් එහි රියදුරු බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව අහංගම පොලිසිය පවසයි.

තැඹිලි කපා පැටවිම සඳහා ලොරිය කබලාන සිට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයට පැමිණිමේදි අපරික්ෂාකාරි ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරිමට යාමේදි මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ හැපිමෙන් අනතුර සිදුව ඇත.

ලොරිය දුම්රියේ වදිනවාත් සමගම ඉදිරිපස අසුනේ සිටි රිය සහායකවරයා පිටතට පැන දිවි බේරාගෙන ඇති අතර රියදුරු ලොරියේ සිරවි සිට ඇත. පසුව ප්‍රදේශවාසින් එක්ව රියදුරු පිටතට ගෙන කරාපිටිය රෝහලට යවා ඇත.

කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහුගේ තත්වය බරපතල බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post