වාහන අංක තහඩු ලබාදීමේ ප්‍රමාදය ගැන ඇමති කියන කතාව


 නව වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදුකළේය.

පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 සැප්තැම්බර් 30 දිනට වාහන අංක තහඩු 165,512 ලබාදී නොමැති බවය.

වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ ප්‍රමාදයක් පවතින බවට අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"වාහන අංක තහඩු ලබාදීම අපි සැලසුම් කළාට වැඩිය ප්‍රමාදයක් තියෙනවා. නව වාහන අංක තහඩුවල විශේෂ ආරක්ෂිත ලක්ෂණ 07ක් අඩංගු වෙනවා. මේ ලක්ෂණ 07 ලංකාවේ පරීක්ෂා කිරීම පිළිබඳව අපි භාරදුන්නා මොරටුව සරසවියට. ඔවුන් මාස තුනක වගේ කාලයක් ගත්තා. ඒ වගේම ඔවුන්ට පුළුවන් කියලා ප්‍රකාශ කළේ එයින් 06ක් පමණයි. ඒ නිසා අපි 07 වෙනි එක පිළිබඳ පරීක්ෂා කිරීම ජාත්‍යන්තර වශයෙන් සිදුකරන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රමාදය වෙලා තිබෙන්නේ. ආරක්ෂිත තත්ත්වය වැඩිකිරීමට දරපු උත්සහාය ප්‍රතිඵලයකුත් මේකට එකතුවෙලා තියෙනවා."       

මේ අතර නව රියදුරු බලපත්‍ර ලබාදීම පිළිබඳ මතුවී ඇති ගැටලුව එළැඹෙන 18 වනදා වන විට විසඳන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post