කජ්ජා රජයේ අමාත්‍යාංශයක සිට කරපු දේවල් සියල්ල හෙළිවෙයි.!


 රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් සිදු කරන පුළුල් විමර්ශන වලදී මීගස්ආරේ “කජ්ජා” රජයේ ප්‍රබල අමාත්‍යාංශයක සේවය කර ඇතැයි, මේ වනවිට වාර්තා වී ඇත.

වසීම් තාජුඩීන්ගේ සිරුර 2012 වසරේ මැයි (17) වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය ආසන්නයේ මෝටර් රථයක් තුළ පිලිස්සී තිබියදී සොයා ගැනුණි.

මීගස්ආරේ කජ්ජා නැමැත්තා ඝාතන සිද්ධිය සිදු වූ දිනයේ රැඳී සිටි ප්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ක්‍රියාත්මක බවත් එම ඝාතන සිද්ධිය වාර්තා වූ ප්‍රදේශය ආශ්‍රීත දුරකථන කුළුණු වාර්තා මේ වනවිට කැදවා ඇති බවද පොලීසිය සඳහන් කරයි.

වසීම් තජුඩීන් ඝාතනය වූ දිනයේ ඔහු ගමන් ගත් රථයට පිටුපස රථයේ මීගස්ආරේ කජ්ජා සිටි බවට තහවුරු වී ඇතැයි පොලීසිය පසුගියදා සඳහන් කළේය.

පසුගිය පෙබරවාරි (19) වෙනිදා සිදුවූ මීගස්ආරේ කජ්ජාගේ ඝාතනයට අදාළ විමර්ශන ක්‍රියාවළියේදී තජුඩීන් ඝාතනයට අදාළවද කරුණු අනාවරණය වෙමින් ඇත.

මීගස්ආරේ කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස මේ වනවිට නිර්මල ප්‍රසංග හෙවත් බැකෝ සමන් නමැත්තා හදුනාගෙන ඇත.

මීගස්ආරේ කජ්ජාගේ බිරිද පසුගිය දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් තජුඩීන් ඝාතනය පිළිබඳව අනාවරණයක් සිදු කළේය.

තජුඩීන් ඝාතනයට ලක්වූ දිනයේ ඔහු පසුපස හඹා ආ තවත් මෝටර් රථයක් සීසීටීවී දර්ශන විමර්ශනයේදී අනාවරණය වී තිබූ අතර එක් ස්ථානයකදී එම මෝටර් රථයට මීගස්ආරේ කජ්ජා ගොඩවූ බවයි.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post