ලොරියකට හා වෑන් රියකට ගිනි තබා විනාශ කරයි


 බදුල්ල වැලිමඩ ප්‍රධාන  මාර්ගයේ හාලිඇල නිලිඅතුගොඩ ප්‍රදේශයේ  මාර්ගය අසල  නවතා තබා ලොරියක් සහ වෑන් රථයක් අද (8) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් මුලුමනින්ම විනාශ වී ගොස් ඇතයි ඇටම්පිටිය පොලිසිය පවසයි.

මෙම ලොරිය සහ වෑන් රථය එකම පුද්ගලයකු ට අයත් බවත් , ඔහු ලොරියත්, වෑන් රථ‍‍යත් මෙසේ හාලිඇල නිලිඅතුගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල රාත්‍රි නවතා තබා නිවසට ගොස් සිටියදි වාහන දෙක මෙසේ ගින්නෙන් විනාශ වී ගොස් ඇති බවත් පොලිසිය සදහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ,  කිසිවෙකු විසින් මෙම වාහන දෙකට ගිනිතබන්නට ඇතයි පොලිසිය සැකකරයි .

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ සහකාර පොලිස් අධිකාරි 11 රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව සෙන්දනායක මහතා ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post