සිසුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර


ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොළ වීදියවත්ත මංසන්ධියේදී 4 උදෑසන සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු පහළොවක පිරිමි ළමයකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
 
මෙලෙස අනතුරට පත්වී ඇත්තේ වීදියවත්ත දොළාගත පාරේ පදිංචි උඩුගම්පල සෙනරත් පරණවිතාන ජාතික පාසලේ දහවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.
 
අදාළ සිසුවා පෞද්ගලික උපකාර පන්තියකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටින අතරතුර පිටුපසින් පැමිණි යකඩ පටවා ගත් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එමෙන්ම එම ලොරි රථය මෝ‍ටර් රථයක සහ තවත් ත්‍රීරෝද රථයක ද ගැටී ඇති බව සඳහන් වේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.


✅✅✅ 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post