රස්තියාදුවෙන් තොර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි!


 රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු ද ඊයේ (30දා) සිට බලපැවැත්වෙන පරිදි නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් නිකුත් කිරීමට තීරණය කර තිබේ.


රියදුරු යෝග්‍යතා වෛද්‍ය සහතිකය නිකුත් කිරීමෙන් පසු මෙම තාවකාලික රියදුරු බලපත්‍රය ද මෙම වෛද්‍ය ආයතනයෙන් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස ඊයේ සිට මෙය ආරම්භ කළ බවත් රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබාගත හැකි බවත් සඳහන්.

ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බවද සඳහන්.


✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post