ලිංගාශ්‍රිත රෝග අතර වැඩි පුරම කතා වෙන රෝග අතරේ තියෙන රෝගයක් තමයි ලිංගික හර්පීස්( Herpes )කියන්නේ. මෙම රෝගී තත්ත්වය ඒ තරමටම සමාජය තුළ ව්‍යාප්ත වූ රෝගී තත්වයක් . ඉතින් අද අපි මේ ගැන දැනුවත්වෙමු.
නවතම සොයාගැනීම් වලට අනුව, ඇමෙරිකාව ගත්තොත්, එහි වයස 14ත් 49ත් අතර ජනතාවගෙන් 11.9% කටම හර්පීස් වැලදී ඇති බව සොයාගෙන තියෙනවා. ඒ එක්කම වසරකට අලුතෙන් රෝගීන් 572,000ක් පමණ සොයා ගන්නා බව CDC ආයතනයට අනුව වාර්තා වෙනවා.
ලංකාව ගත්තොත් සෑම වසරකම නව රෝගීන් 3000ක් පමණ හමුවෙන බව සඳහන්.
මොකක්ද මේ හර්පීස් (Herpes) කියන්නේ
ලිංගික හර්පීස් කියන්නේ මූලික වශයෙන්ම Herpes Simplex Virus 2 (HSV 2) කියන වෛරසය මගින් මිනිසාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ඇති කරන රෝගී තත්ත්වයක්.
එය ශිෂ්ණය (Penis), යෝනිමාර්ගය (Vagina), ගුද මාර්ගය (Rectal area) වගේ ප්‍රදේශවල තමයි වැඩිපුරම ඇති වන්නේ. ඇතැම් අවස්ථාවල මුඛය ආශ්‍රිතවත් මෙම රෝගී තත්වය දකින්න පුළුවන්.
ඒ වගේම සමහර අවස්ථාවල HSV 1 කියන වෛරස කාණ්ඩය මගිනුත් මෙම රෝගය ඇති කළ හැකි බව හඳුනාගෙන තියෙනවා.

හර්පිස් රෝගයේ ලක්ෂණ
හර්පීස් – Herpes කියන්නේ ගොඩක් වෙලාවට බාහිරට රෝග ලක්ෂණ නොපෙන්වන රෝගී තත්ත්වයක්.ඒ නිසාම මෙය රෝගයේ පැතිරීම වැඩි කරන්නත් හේතු වෙනවා.
01.ලිංගාශ්‍රිතව පවතින කුඩා වේදනාකාරී තුවාල
02.මුත්‍රා දැවිල්ල
03.ලිංගාශ්‍රිතව ඇතිවන කැසීම්
04.උණ
මෙම රෝගය ව්‍යාප්ත වන්නේ කොහොමද?
කලින් සඳහන් කලා වගේම මෙම රෝගය සහිත පුදගලයන් බාහිරට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැතිවෙන්නපුළුවන්. එහෙම වුණොත් රෝග ලක්ෂණ රහිත පුද්ගලයෙකුගෙන් උනත් රෝගය පැතිරවීමට යම් හැකියාවක් තියෙනවා.
ඒ එක්කම රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ගේ තුවාල සහ ශ්‍රාව වල ලිංගික හර්පීස් ඇති කිරීමට බලපාන වෛරස තත්ත්වය අඩංගු වෙනවා.ලිංගික එක්වීමකදී මෙම වෛරසය අනෙක් පුදගලයාගේ ශ්ලේෂ්මල පටල හරහා ශරීර ගත වෙන්න පුළුවන්.
අදාල එක්වීම සාමාන්‍යය ලිංගික එක්වීමක් නම් අනෙකාගේ ලිංගාශ්‍රිතවද, එය ගුද සංසර්ගයක් නම් ගුද මාර්ගය ආශ්‍රිතවද , ලිංගික එක්වීම මුඛ සංසර්ගයක් නම් අනෙකාගේ මුඛය ආශ්‍රිත්වද රෝගය ඇති වෙන්න පුළුවන්ඒ විතරක් නෙවෙයි සිප ගැනීමකින් පවා මෙම රෝගය පැතිර යාමේ හැකියාවක් පවතිනවා.
හර්පීස් රෝගයේ අවධානම
මෙම රෝගය අනෙකුත් ලිංගාශ්‍රිත රෝග වලට සපේක්ෂව වැඩියෙන් ගැටළු ඇති කරන්න පුළුවන්.විශේෂයෙන්ම මෙම රෝගය කොපමණ ප්‍රතිකාර කලත් සම්පූර්ණයෙන්ම සුව නොවන ලෙඩක් නිසා ජීවිත කාලයම මෙම රෝගයෙන් පෙළෙනවා සහ විඳවන්න සිදු වෙනවා.
අනෙක් වැදගත් කරුණ තමයි මේ රෝගය නිසාම බොහෝ දෙනෙක් තමන්ගේ ලිංගික ජීවිතය අවුල් කර ගන්නවා වගේම සමහර විට තමන්ගේ සහකරු / සහකාරියටත් මෙම රෝගය පැතිරීමට දායක වෙනවා.ඒ වගේම මෙම රෝගය නිසා ඔබට එච් අයි වී / ඒඩ්ස් (HIV / AIDS) හැදීමේ හැකියාව වැඩි වනවා.
රෝගය හඳුනා ගන්නේ කොහොමද?
මෙම රෝගී තත්ත්වය රෝග ලක්ෂණ සහ ඇතිවන බිබිලි සහ ගෙඩි වලින් හඳුනාගත හැකියි.ඊට අමතරව තුවාලයෙන් ලබා ගන්නා සාම්පල Viral culture සහ NAAT පරීක්ෂණ වලට යොමු කිරීමෙන් වඩාත් හොඳින් හඳුනාගත හැකියි. 2 Herpes ප්‍රතිකාර
Herpers රෝගය සඳහා සම්පූර්ණයෙන් සුව කිරීමට සුදුසු ප්‍රතිකාර නැහැ.ඒ නිසාම රෝගය ඇතිවීම අවම කර ගැනීමට ක්‍රියා කල යුතුයි.
විශේෂයෙන් ලිංගික එක්වීමකදී සෑම විටම කොන්ඩම් (condom) එකක් භාවිතා කිරීම ඉතාම වැදගත්.ඒ වගේම වැඩි ලිංගික සහකරුවන්, සහකාරියන් ඇසුරු කිරීමෙන් වළකින්න.
තුවාල මතු වූ විට ඒවා ඉතාම වේදනාකාරීයි.මේ සඳහා වෛද්‍යය උපදෙස් මත වේදනා නාශක වගේ දේවල් ගන්න පුළුවන්.
ඉතින් මෙවැනි අතිශය වේදනාකාරී රෝගයකින් ආරක්ෂාවීමට ඔබ නිතරම වගබලාගත යුතුයි.
✅✅✅✅✅✅
