විශ්‍රාමික පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ නිවසේ පුටුවක නාඳුනන බිළිඳියක්!


 නිකවැරටිය, හුලෝගෙදර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අතහැර දමා ගොස් සිටි මාසයක පමණ වයසැති බිළිඳියක සම්බන්ධයෙන් මහව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.


විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ නිවසක් ඉදිරිපිට පුටුවක් මත තබා ගොස් තිබූ මෙම බිළිඳිය,  උදෑසන 6.00ට පමණ නිවැසි ඉන්ද්‍රාණි අනුලා මහත්මිය විසින් සොයාගෙන ඇත. ඇය වහාම සිද්ධිය පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, පොලිස් නිලධාරීන් පැමිණ බිළිඳිය නිකවැරටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී එම්.ඒ.ජේ.අයි. මල්ලවාඅරච්චි මහතා සඳහන් කළේ බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. දරුවා අතහැර යාමට පෙර මව විසින් කිරි ලබා දී ඇති බවට අනුමාන කළ හැකි බවද ඔහු පැවසීය. බිළිඳිය අසල කිරිපිටි පැකට්ටුවක් සහ ඇඳුම් කිහිපයක්ද තබා ගොස් තිබී ඇත.

එම ස්ථානයේ තිබී හමුවූ වෛද්‍ය වාර්තා අනුව, මෙම බිළිඳිය රෝහලක නොමේරූ ළදරු ඒකකයක ප්‍රතිකාර ලබා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, එම වාර්තාවල සඳහන් මවගේ සහ රෝහලේ නම් කියවිය නොහැකි වන සේ සූරා දමා ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. මේ අතර, බිළිඳිය දමා ගිය නිවසේ සිට මීටර් 300ක් පමණ දුරින් වූ මාර්ගයක් අසල, දරුවාගේ මවට අයත් යැයි සැකකෙරෙන ඇඳුම් කිහිපයක්ද දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එම ස්ථානයටද පොලිස් ආරක්ෂාව යොදවා ඇත.


✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post