මහනායක හිමිවරුන්ගේ ලියුමට ජනපතිගෙන් පිළිතුරු


 නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා තැබූ පියවර ආපසු නොහරවන බව ජනාධිපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නය ඉදිරියේ පවසා සිටියා.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවයට ඊයේ (03) පැවැත් වු අතර එයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුුුවා.

එමෙන්ම සමාජයට අලුත් හර පද්ධතියක් අවශ්‍යව ඇති බව ද පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ධනය හෝ නිලතල වත්මන් සමාජයේ උස් පහත් බව මනින තත්ත්වයට පත්ව තිබෙන බව කියා සිටියා.


“එක පැත්තකින් ව්‍යවස්ථාවෙන් පිහිටවූ ආණ්ඩුවක් තියෙනවා. එතරම් බලවත් නොවුණත් මතුපිට ආණ්ඩුවේ සියලු අංග සහිත කළු පාලනයකුත් අපේ රටේ තියෙනවා. නීතියානුකූල පොලීසියක් තියෙනවා. කළු පාලනයටත් පොලීසියේ කට්ටියක් ඉන්නවා. දැන් අපි ඉන්නේ ද්විත්ව ආණ්ඩුකරණයේ. එකක් ජනතාව විසින් තෝරාපත් කරගත් ආණ්ඩුව. අනෙක අවිබලය විසින් නිර්මාණය කළ කළු පාලනය. අපි තීරණයක් ගත යුතුයි හාමුදුරුවනේ, එක්කෝ ඕන දෙයක් සිදුවුණාදේ කියලා කළු පාලනය තියෙද්දි අපේ පාලනය කරගෙන යන්න. එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූල පාලනය අතහැරලා අපි හැමෝම කළු පාලනයට යන්න ඕනේ. එහෙම නැත්නම් නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා කළු පාලනය අවසන් කළ යුතුයි. මම හිතනවා අපේ ආණ්ඩුව තෝරාගත්තේ ඒ පාර. ඒ සඳහා තැබු පියවර කිසිසේත්ම ආපසු අරන් නැති බව හාමුදුරුවන් වහන්සේලාට සපථ කරලා පවසනවා.”


මේ අතර, මහනාහිමිවරු විසින් පසුගිය දා ඉදිරිපත් කළ ලිඛිත ප්‍රකාශය පිළිබඳ ද ජනාධිපතිවරයා රජයේ ස්ථාවරය ප්‍රකාශ කර සිටියා.

එහිදි අදහස් දැක්වු ජනාධිපතියවරයා පවසා සිටියේ, සංචාරක කර්මාන්තය අවුරුදු 2500ක අනන්‍යාතවය මත ගොඩනැඟී ඇති බවත් ඒ අනුව ඓතිහාසික උරුමය මත සංචාරක ව්‍යාපාරය පවත්වා ගැනීමට කටයුතු කරන බවයි.


එමෙන්ම රට තුළ ඇති දේශගුණික සෞන්දර්ය මත ද සංචාරක ව්‍යාපාරය තීරණය වී ඇතැයි පැවසු ජනාධිපතිවරයා අනුරාධපුර රාජධාරනිය පැරණි පෞඪත්වය ඉස්මතු කිරීම සඳහා නැවත ගොඩනැගිය යුතු බවද කියා සිටියා.

නිවේදනය සම්බන්ධයෙන් ඇති වු පටලැවිල්ල රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ සංචාරක කර්මාන්තයේ මූලික මුලධර්මයන් නොවන බව ජනපතිවරයා මෙහිදි අවධාරණය කළා.


මේ අතර, දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, අවශ්‍ය නම් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය ඉදිරිපත් කළ හැකි බවත් එසේ නොවේ නම් එම නීතිය පවත්නා අයුරින්ම තැබිය හැකි බවත් වර්තමානයේ සිදුකර ඇති සියල්ල පෞද්ගලික අරමුණු මත සිදුකර නොමැති බවත්ය.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post