පාසල් අතර අසමානතාව අවම කර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
පාසල් අතර අසමානතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය තුළ දශක ගණනාවක් තිස්සේ මුහුණදීමට සිදුව ඇති විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර, බරපතල ගැටලු රාශියකටද මූලික වී ඇති බවයි උත්සවයක් අමතමින් අගමැතිවරිය සඳහන් කළේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, සැලසුම් සහගතව සහ ක්‍රමානුකූලව සිදු කරන බවද, පද්ධතියේ දුර්වලකම හඳුනාගෙන ඒවාට පිළිතුරු සොයා යාවත්කාලීන කිරීම් සිදු කරන බවද, දැක්මෙන් හා ඉලක්කයෙන් යුතුව වසර තුනකින් මූලික පදනම ගොඩනැගීමට කටයුතු කරමින්, පසුව ඵලදායී විධිමත් පරිපාලනමය ප්‍රතිසංස්කරණ, යටිතල සහ ඩිජිටල් නවීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
දරුවන්ගේ අත්දැකීම් ගුණාත්මක කිරීම සඳහා පන්ති කාමර පහසුකම් වැඩි කිරීම සහ දරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීම වැනි විශේෂ කටයුතුද සිදු කර ඇති බවද ඇය සඳහන් කළා.
මෙම පරිවර්තනයේ දී දෙමාපියන්ගේ සහ පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය අත්‍යවශ්‍ය බවත්, එහිදී අභියෝග ඇති වුවද, මෙය ජාතියක් වශයෙන් එකමුතු වී ඉදිරියට ගෙන යා යුතු ගමනක් බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
✅✅✅✅✅✅✅
