ප්‍රවීන ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී දී ඇය අභාවප්‍රාප්තවන විට 88වැනි වියෙහි පසුවුණා.
පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ ( C.T. ප්‍රනාන්දු සමග), අත මිට කාසි පනම් ( ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා මහතා සමග), ජය සිරි මහ බෝධි රජා- මගෙ හෙළ බිම සෙවන කලා, චන්දා වගේ මෙ රූ නීළඹරේහී, හිනැහේවී පොඩි දියණී සංජීවනී… වැනි ජනප්‍රිය ගීත රැසක් චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය විසින් ගායනා කර තිබෙනවා.
ගුවන්විදුලියේ ළමා ගායිකාවක ලෙස ගායන ලෝකයට අවතීර්ණ වූ ඇය ශ්‍රේණිගත සරල ගී ගායිකාවක ලෙසද, ‘සුහද දිවි පිදුම” ඇතුළු චිත්‍රපට ගණනාවක එච්. ආර්. ජෝතිපාල, සිඩ්නි ආටිගල ඇතුළු ප්‍රවීණ ගායකයන් රැසක් සමග ද ගී ගයා ඇත.
චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය ප්‍රවීන නිවේදිකා හා ගායිකා සංජීවනී වීරසිංහ මහත්මියගේ මැණියන් ද වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
Tags:
News

