news

 


උපරිමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි. ඒත්….වෙනදා මෙන් ඔබ මා සමග සිනාසී ස්තුතියි කීවේ නැත.



ඇය ලඟින් සිටි රූපලාවණ්‍ය ශිල්පියා විදිහට ඒ සුන්දර මුහුණ.. නිසලව දකිද්දී ඔහුට මොනතරම් වේදනාවක් ඇද්ද? ..ඒත් ඒ සියළු වේදනා පසෙක තබා ඔහු ඇය වෙනුවෙන් අවසන් යුතුකමත් ඉටු කළා…
ඔහු Danushka … ඒ සුන්දර රැජින මාලනියන්ගේ සියලුම වැඩසටහන් වලදි මේකප් ⁣දැමු ශිල්පියා.

ඇය සමග හැම වැඩ සටහනටම පසුපසින් ගිය මේකප් ශිල්පියා.

ඔහුව ඇය වසර ගණනාවක් ඇගේ දරුවෙකුමෙන් සමීපව ඇසුරු කළා…

ඇය ලඟින් සිටි රූපලාවණ්‍ය ශිල්පියා විදිහට ඒ සුන්දර මුහුණ.. නිසලව දකිද්දී ඔහුට මොනතරම් වේදනාවක් ඇද්ද? ..ඒත් ඒ සියළු වේදනා පසෙක තබා ඔහු ඇය වෙනුවෙන් අවසන් යුතුකමත් ඉටු කළා…

මේ ඔහු අතින් ඇයගේ අවසන් ගමනට මේකප් කරන අන්තිම අවස්ථාව.

නැවත කිසි දිනක ඔහුට මෙතුමියව මේකප් කරන්න ලැබෙන්නේ නෑ…

මේ ඔහුගේ අතින් ඇය හැඩ වෙන අන්තිම අවස්ථාවයි.

ජිවිත කාලයම පුරාම ඇයගේ ලස්ස්න මුහුණ මත වත්සුණු තැවරු ඔහු අවසන් ගමනට නික්ම යන ඇයගේ සදහටම පියවී ගිය ඒ දෙනෙත් දෙස කදුළු පිරුණු ඇස්වලින් බලාගෙන…

ඔහුට හැකි උපරිමයෙන් ඒ යුතු කම ඉටු කළා…

ඔහු ඒ ගැන මුහුණු පොතේ සටහනක් තබා තිබුණේ මෙන්න මෙහමයි…



වරෙක ඔබ මට මවකි,වරෙක ඔබ මට යෙහෙළියකි,වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි.
සම්මාන උත්සව,විශේෂ අවස්ථා වලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරිවුයේ ඔබ මට දරුවෙකුට මෙන් ආදරය කල නිසාය
ඉතිං ……මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද
දරාගත නොහැකි හදවතින්ම දෝරා ගලනා වේදනාවෙන් ඔබට අවසන් වරටද ඊයේ ජයරත්න මල් ශාලාවේදී උපරිමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි.

ඒත්….වෙනදා මෙන් ඔබ මා සමග සිනාසී ස්තුතියි ධනූ කීවේ නැත…

ආදරණිය මාලීනී අක්කේ ඔබට මම සමුදෙන්නට මගේ හිත වාවා ගත නොහැක
ඔබව ලස්සනට සරසවන්නට ,
ආයෙත් “ධනූ “කියා මට කතා කරන්නේ නැති බව මම කොහොම දරාගන්නද…
ආදරණීය මාලීනී අක්කා ඔබ යන මේ සසර ගමනට සුගතියක්ම වේවා
සංසාරයේ ඉක්මන් භවයක නිවනින් නීවී සැනසේවා …
ආදරණීය මා
ධනූ

ඉතිං ජිවිතේ හැටි එහෙමයි… ඒ පින්වන්ත සුදු නෙළුම මිලින වී අවසන්… ඇගේ සොඳුරු රුව තව බොහෝ කාලයක් යනතුරු ලෝකයේ ලස්සනම රූපයක්ව මතක අතර රජ කරාවී…


Post a Comment

Previous Post Next Post