අද සිට සතියක් රට පුරා වෙන්න යන දේ

 


ජාතික බදු සතිය අද (02) සිට ආරම්භ වීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව, එහි සමාරම්භක උත්සවය ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනු ඇති.

එම බදු සතිය 'බදු ශක්ති' නමින් නම් කර ඇති අතර, ජූනි 02 වැනිදා සිට 07 වැනිදා දක්වා එම සතිය ක්‍රියාත්මකයි.

එහිදී මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබා දීම සහ දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බවයි දේශීය ආද‍ායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post