තිත්ත ඇත්ත !!!! රූපය දක්ශතාව විතරක් මදි මෙවැනි තරග වලට බොහෝ වෙලාවට
Invest එකේ තරමට Benifits නැතිනම් ඇයි ඔබට නිකන් කිරුලක් පලදවන්නේ කවුරුත් ???ආදරේටද ? නෑ
Talent Round එකේ ගින්දර කාලා ගින්දර සෙල්ලම් කරලා සාම්ප්‍රදායික නර්තනයක් කරලා පියානෝ ගහලා සිංදුකියලා මොනව කලත් , ඒ Title එක win කලේ ටයිටැනික් වගේ සිංදුවක් පිච් එකටවත් play නොකල රටක් .එතනින්ම මට එපා උනා…
තනි තනිව පවත්වන අවසන් සම්මුක පරීක්ශණයේදී ඔවුන් බලන්නේ ඔයාට කොච්චර සල්ලි තියනවද දේශපාලන හයියක් තියනවද කියන එක විතරයි
ඒකට ලස්සන නමක් පාවිච්චි කරනවා *සමාජ සේවාව * කියලා
අතරමගින් තරගය දාලා එන්න හදනකොට මගෙ මහත්තයා කීවා ඔන්න ඕක කරලාම එන්න කියලා…
කැට්වෝක් performance හොදටම කරලා, ලොකු තරගයක් දීලා මගෙ රට උඩින්ම තියලත් මට Top 20 එන්න බැරිනුනා. මට ලැබුනේ අවංක භාවය පිළිබද ජාත්‍යන්තර කිරුල පමණයි
(Mrs Universe Honesty )
ලක්ශ ගානක් වියදම් කරගෙන ගියෙ අපරාදේ කියලා මට දැනුන වාර අනන්තයි .පැ ජන්ට් ඇතුලේ වෙන්නේ වෙනම දෙයක්
Multimedia Challenge
අපිට නිකන් දෙන්නේ හොටෙල් එකයි කෑමයි විතරයි
ඒත් facebook ලයික් ශෙයා කමෙන්ට් වලින් එයාලා කරන්නේ ඒ හොටෙල් එක සහ ඒ ප්‍රාන්තය Free promote කරගන්න එක .ඒකට තමයිඔය multimedia challenge එක එයාලා කරන්නේ ….!ඒත් ඒකෙ දිනුම දෙන්නේ එයාලට ඕනා කෙනාට
ඒ සල්ලි ටික මගේ රටේ දුප්පත් මිනිස්සුන්ට හෝ පිළිකා රෝහලට දන් දුනානම් පිනක් හරි ලැබෙනවා කොහෙවත් ඉන්න අයව free of charge promote නොකර කියලා මට හිතුනා..
ත්‍රිකලා ධරණී