ගිලන් වූ ඉෂාක් බෙග් වෙනුවෙන්, හනා.. ටෂ්නි ඇතුළු කලාකරුවන්ගෙන් ඇදහිය නොහැකි මූල්‍ය පරිත්‍යාගයක්

 


“අන්තිම සිංහල බෞද්ධ මනුස්සයා ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ ” මේ කතාව කියන්නෙ, බෙග් මාස්ටර් විසින් ඉෂාක් බෙග් හට.

ඒ කතාවේ හරය තේරුම් යන සුවිශේෂී කාර්‍යභාරයක් මේ දිනවල සිදුවෙනවා.

”ඉෂාක්ට කෝටියක්”

මේ කාර්යය නම් වෙලා තියෙන්නෙ එහෙම.

ඉෂාක් බෙග් මහත්මයා මේ වනවිට පසුවන්නේ, අසනීප තත්ත්වයෙන්. ඒ නිසාම, ඔහු වෙනුවෙන් කෙරෙන වැඩකටයුත්තක් තමයි මේ.

මෙය ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ තවත් එක් මානුශීය මෙහෙවරක් සේ ම යුතුකමක්.

මේ වැඩෙත් එක්ක බොහෝමයක් කලා ශිල්පීන් එක්කාසුව ඉන්න අයුරු අපි දැක්කා.

ඒ අතර විශේෂයි, නවක ගායන තරු ද ඊට සහයෝගය දැක්වීම.

ඒ අනුව, ජනප්‍රිය ගායිකා හනා ෂෆා ද 50 000කින් සිය මූල්‍යමය සහයෝගය දක්වා තිබුණා. ඇය ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සිටින ළාබාලතම සාමාජිකාව වීම ද විශේෂයි.

එමෙන්ම ජනප්‍රිය ගායිකා ටෂ්නි ඇතුළු තවත් බොහෝ පිරිසක් මෙම කටයුත්තට සිය සහයෝගය දක්වා තිබුණා.

ඉෂාක් බෙග් මහත්මයා වෙනුවෙන් ඔබට ද සහයෝගය දැක්විය හැකිය.

ඒ අනුව ඔබේ උපකාරය ඉෂාක් බෙග් මහත්මයාට හිමි ගිණුමට පමණක් බැර කරන මෙන් ගායක ගායිකා සංගමය ඉල්ලා සිටිනවා.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post