ඉස්සර පන්සලක, දන්සැලක සින්දුවක් ඇහුනොත් ඇගෙන සින්දු වලින් සියයට අනුවක්ම මොහිදින් බෙග් මාස්ටර්ගේ සින්දු
ඒ සින්දු වලින් වැඩිම ගී ප්රමාණයක් තියෙන්නේත් බෞද්ධ සංස්කෘතියකට අදාළ සිංදු
එතුමා අපෙන් වියෝ උනාට පස්සේ ඒ වියෝ වුණු අඩුව දැනුනේ නැත්තේ ඉෂාක් බෙග් නිසා
බෙග් මාස්ටර්ට ඉතාමත්ම සමීප හඬකින් ඔහු ගී ගැයුවා.
ඒ අපුරු සුන්දර මිනිසා හදිසියේ වූ අසනීප තත්ත්වයක් නිසා දැන් ටික කාලෙක සිට රෝගී තත්ත්වයෙන් පසු වෙනවා.
ඉෂාට කෝටියක් ඒ මේ දවස් වල ඔහු වෙනුවෙන් කෙරෙන වැඩ කටයුත්තක්.
ශ්රී ලාංකේය ගායක ගායිකා සංගමයේ මානුශීය මෙහෙවරක් ලෙස සංවිධානය කර ඇති මේ සත්කාරයට මේ වෙන කොට කලා ශිල්පීන් ඇතුළු බොහෝ දෙනෙක් සිය දායකත්වය ලබා දී තිබෙනවා.
ඉතින් ඉෂාක් බෙග් මහත්මයා වෙනුවෙන් ඔබට ද මේ සදහා සහයෝගය දැක්විය හැකියි.
Redirecting in a moment...
Tags:
News