එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වෙත ඉරානය අනතුරු අඟවා ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට එම රටවල් තුන කටයුතු කරනු ලැබුවහොත් එම රටවල් තුනට අදාළ කලාපයේ පිහිටි නැව් සහ හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට කටයුතු කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
මේ අතර ඉරානයේ සෑම ස්ථානයකටම සහ සෑම ඉලක්කයකටම තම ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහු පවසයි.
ඊශ්‍රායලය විසින් මේ දක්වා සිදුකර ඇති ප්‍රහාර හමුවේ ඉරාන හමුදාපතිවරුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදාව වාර්තා කර තිබේ.
මේ අතර හෙට (15) පැවැත්වීමට තිබූ ඉරානය සහ අමෙරිකාව අතර න්‍යෂ්ටික සාකච්ඡා අවලංගු කර ඇති බවද වාර්තා වේ.
මෙම සාකච්ඡාවල මැදිහත්කරුවෙකු වන ඕමානයේ විදේශ අමාත්‍ය බද්දා අල්බුසයිඩ් X සටහනක් තබමින් පවසා ඇත්තේ ඉරිදා මස්කට්හි පැවැත්වීමට නියමිත ඉරාන එක්සත් ජනපද සාකච්ඡා දැන් සිදු නොවනු ඇති බවය.
මේ අතර මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයාද පවසන්නේ එක්සත් ජන පදය සමග න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වීම සාධාරණීකරණය කළ නොහැකි බවය.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පවසා ඇත්තේ න්‍යෂ්ටික ගිවිසුම පිළිගන්නා ලෙසත් එසේ නොවුන හොත් ඉදිරියේදී තවත් ගැටළු මතු විය හැකි බවය.
මේ දක්වා එක්සත් ජනපදය සහ ඉරානය පසුගිය අප්‍රේල් සහ මැයි මාස මාස වලදී ඕමානයේ මැදිහත්වීමේ සාකච්ඡා වට පහක් පවත්වා තිබේ.
ada derana
