ගුවන් යානා අනතුර නිවී යන්නටත් පෙර ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි. ඔවුන්ට අත්වු සංවේදී ඉරණම, මේ දැන් ඉන්දියාවෙන් ඇසෙන කණගාටුදායක පුවත මෙන්න.

 


ඉන්දියාවේ තෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ කේදනාත් දේවාලයේ සිට උත්තරා කන්ඩි හී ගුපන්කාෂි දක්වා පියාසර කරමින් තිබූ මෙම හෙලිකොප්ටරය ඉන්දියාවේ වනාන්තරයකට කඩා වැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මිය ගිය පිරිස අතරට ගුවන් නියමුවාද ඇතුළත් ත්ව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

උත්තරා කන්ඩි සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුර සම්බන්ධව පවසා ඇත්තේ සිදුවීම ඉන්දීය වේලාවෙන් අද අලුයම 5.20ය සිදුව ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී යානය තුළ නියමුවා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු සිටි බවය.

අනතුරින් ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ඔවුන් වාර්තා කර තිබේ.

වැඩිහිටියන් පස් දෙනෙකු සහ දරුවෙකු යානයේ ගමන් කර ඇති අතර ඔවුන් උත්තරා කන්ඩි, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාටි යන ප්‍රදේශ වලින් පැමිණි අය බව ද වාර්තා වේ.

අනතුරට හේතුව බවට මේ වන විට හඳුනාගෙන ඇත්තේ තාක්ෂණික දෝශ සහ කාලගුණික තත්ත්වයන් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.



Post a Comment

Previous Post Next Post