ලොවක් කම් පා කළ ගුවන් අනතුරේ අවසන් සෙල්ෆියේ කතාව.

 


පර්තික් ජෝශි වසර හයක් තිස්සේ ජීවත් වෙන්නේ ලන්ඩන්වල.

ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ජීවත් වෙන්නේ ඉන්දියාවේ.

පර්තික් වසර ගාණක් තිස්සේ මහන්සි වෙනවා තමන්ගේ බිරිඳවයි, දරුවන් තිදෙනාවයි ලන්ඩන්වලට එක්කන් යන්න.

වසර ගණනවක මහන්සියකින් පස්සේ පර්තික්ගේ පවුලට ඒ සතුටුදායක අවස්ථාව උදා වෙනවා.

දවස් දෙකකට කලින් පර්තික්ගේ බිරිඳ වන කෝමි ව්‍යාස් ඇයගේ වෛද්‍ය වෘත්තියෙන් සමුගන්නවා. මුළු පවුලම ලන්ඩන් යන්න ලෑස්ති වෙනවා.

අද උදේ පස් දෙනාම තමන් අවුරුදු ගාණක් බලාපොරොත්තුවෙන් හිටපු ගමනට ලෑස්ති වෙනවා.

ඔවුන් ලන්ඩන් යන්න නැග්ගේ Air India Al-171 ෆ්ලයිට් එකට.

මේ ඔවුන් ප්ලේන් එකට නැග්ග ගමන්ම ගත්තු සෙල්ෆිය.

එය ඔවුන් ගත්තු අවසන් සෙල්ෆිය වුණා.

අපේ හැමදේම තත්පරයකින් නැති වෙන්න පුළුවන්.

හැමෝම පුළුවන් තරම් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන්න.

තරහා වෙලා ඉන්න තරම්වත් ලොකු කාලයක් අපි ජීවත් වෙන්නේ නෑ මිත්‍රයා...


විකුම් හර්ෂණ



Post a Comment

Previous Post Next Post