ජාතික අවම වැටුප රුපියල් 30,000 දක්වා ඉහළ දමමින් සේවක අයවැය සහන පනතසම්මත වෙයි


 සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පතපාර්ලිමේන්තුවේදී අද (22) විශේෂ බහුතරයකින් සම්මත කර ගැනිණ.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 181ක් ලැබුණු අතර ඊට විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබීම විශේෂත්වයකි.

සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද දවස පුරා පැවැත්විණ.

කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මේ අනූව ජාතික අවම වැටුප රුපියල් 30,000 දක්වා ඉහළ නංවනු ඇත.

✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post