AliExpress බද්ද දේශීය කර්මාන්ත රකින්නයි.. System Change වෙද්දි එහෙම තමයි.. පැනික් වෙන්න එපා..- චතුරංග


අලිඑක්ස්ප්‍රස් (AliExpress) ඇතුළු අනෙකුත් මාර්ගගත පාර්සල් ආනයන සඳහා රජය නව බද්දක් පනවා ඇති බවට පැතිර යන චෝදනා සම්බන්ධයෙන්, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිය සමාජ ජාල ගිණුම ඔස්සේ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

සමාජ මාධ්‍ය වාර්තාවන් ගැන ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, රජය විසින් නව බද්දක් හඳුන්වා දී නොමැති බවත්, ඒ වෙනුවට තනි භාණ්ඩ ආනයනය සඳහා පවතින බදු ගණනය කිරීමේ ක්‍රමය සංශෝධනය කර ඇති බවත්ය. මෙහි අරමුණ වන්නේ විනිවිදභාවය සහතික කිරීම සහ අනිසි භාවිතයන් වැළැක්වීමයි.

මීට පෙර, කිලෝග්‍රෑම් එකකට අඩු පාර්සල් සඳහා රුපියල් 800 ක ස්ථාවර බද්දක් යටතේ නිෂ්කාශනය කිරීමට හැකි වූ අතර, සමහර අවස්ථා වලදී, යම් වටිනාකමකට වඩා අඩු යැයි ප්‍රකාශිත භාණ්ඩ සඳහා කිසිදු බද්දක් පැනවුයේ නැත. කෙසේ වෙතත් ඉන්වොයිසි අවතක් සේරු කිරීම සහ බදු රහිත සීමාව අනිසි ලෙස භාවිතා කිරීම හරහා මෙම ක්‍රමය විශාල වශයෙන් අනිසි ලෙස භාවිතා කර ඇත.

සංශෝධිත ක්‍රමය යටතේ, දැන් රේගු බදු ගණනය කරනු ලබන්නේ පාර්සලයේ බර මත පමණක් නොව, නිෂ්පාදනයේ HS කේතය (Harmonized System Code) මත පදනටය. එමගින් භාණ්ඩයේ වර්ගය සහ ස්වභාවය පිළිබිඹු වේ.

අධ්‍යාපනික හෝ පර්යේෂණ උපකරණ සඳහා බදු පැනවීම සම්බන්ධයෙන් සිසුන් සහ පර්යේෂකයන් විසින් මතු කරන ලද ගැටලු නියෝජ්‍ය අමාත්‍ය අබේසිංහ මහතා පිළිගත්තේය. එවැනි අවස්ථා තාවකාලික බවත්, අධ්‍යයන හා විද්‍යාත්මක භාණ්ඩ සඳහා නියාමන නිදහස් කිරීම් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post