ජීවන් චාමරගේ දේහය ගමට ගේනවට ගම්මුන්ගේ දැඩි විරෝධය!


 පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කහතුඩුවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගිය, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ අවසන් කටයුතු ඔහුගේ ගම් ප්‍රදේශය වූ හංවැල්ලේදී සිදු කිරීමට ප්‍රදේශ වාසීන් විරෝධය පළකර තිබේ.

මෙම විරෝධතාව හේතුවෙන් ඊයේ (27) හෝමාගම, නියැදගල පොදු සුසාන භූමියේදී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට ඥාතීන් පියවර ගෙන ඇත.

ඊට පෙර මළ සිරුර පිටිපන ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ විදෙස්ගතව සිටින කොස් මල්ලි නැමැති අපරාධකරුගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන, 41 හැවිරිදි තෝරගේ දොන් ජීවන් වාමර නමැති හිටපු විශේෂ කාර්ය බළකා සෙබළෙකි. හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සිදු වූ අධික රුධිර වහනය මරණයට හේතුව බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත.

මියගිය පුද්ගලයාගේ සහෝදරයා විසින් මළ සිරුර භාරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


Source Gossip Lanka News

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post