යාපනයම කැලබු සයමස් ගැබිනියක්ව සිටි සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ අභිරහස් මරණය ගැන හෙළිවූ පුදුම හිතෙන දේ


යාපනයේ චාවාකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූ තමිලිනී සදීසන්ගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියාව කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (19) දින යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025 පෙබරවාරි 15 වන දින, ඇය සිය නිවසේ නිදා සිටියදී ගින්නකට හසුවී පිලිස්සුම් තුවාල ලබා මියගොස් සිටි අතර, එම අවස්ථාවේදී ඇයගේ සැමියා රෝහලට සහ පොලීසියට ප්‍රකාශ කර තිබුණේ රාත්‍රියේදී මදුරු දඟරයක් දැල්වීමට යාමේදී ඇගේ සිරුරට ගිනි ඇවිලුණු බවයි.

කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් පවතින බව මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මව, පියා ඇතුළු ඥාතීන් විසින් කෝපායි පොලීසියට කරන ලද පැමිණිල්ලකින් පසුව පොලිස් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇගේ සැමියා විසින් ඇගේ සිරුරට ගිනි තබා ඇයව ඝාතනය කර ඇති බවයි.

සිද්ධිය වන අවස්ථාවේ ඇය මාස හයක ගැබිනියක්ව සිට ඇති අතර, සැකපිට අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරියෙකු වන ඇයගේ සැමියා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබෙනවා.

✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post