මීගමුවේත් මහ පාරේ වෙඩි තියයි.


අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට තෙලීසිය විසින් අද (3) දහවල් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය පවසා සිටියේ, මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධයකයේදී අදාළ යතුරු පැදිය අණ නොතකා ධාවනය කර ඇති බවය.

මෙම පොලිස් වෙඩි තැබීමෙන් යතුරුපැදියේ සිටි එක් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.

මේ අතර අද පෙරවරුවේ කඳාන පොලිසිය ඉදිරිපිට දී ද නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බව පොලීසිය සඳහන් කළේය.

✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post