වස විෂ වලින් අනූන ක්ෂනික ආහාර වර්ග සහ හෝමෝන ගසා වර්ධනය කරන කුකුලු මස් තෙල් බෙහෙත් ගැසු එළවලු පළතුරු කොකාකෝලා වැනී පිළිකා කාරක බීම වර්ග ශරීරයට අදික විශ සහිත උපත් පාලන පෙති වර්ග කිසිදු මැලි කකමකින් තොරව ගිල දමන බෝහෝ අය “සයනයිඩ්” ඇතැයි කියමින් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමට දක්වන්නේ පුදුම බියකි. එහෙත් සුද්දන් සහ වෙලෙන්දන් විසින් ඔලුවෙන් සිටවා ඇති අපේ පැරැන්නන් ගේ දිවි සහ නිරෝගී බාවය සුරැකි පෝෂන විද්‍යාවේ මහා හෙළ රහස් විසි කලත් පැලවෙන මඤ්ඤොක්කා දන්ඩ ගස් යට කුනුවෙලා යන වැල ගෙඩියක කොස් ඇටයක කටේ ඇලෙන කුරහන් තලපයක බැද්දෙන් හාරගෙන ආ කටු අලයක සැගව තිබෙන බව දැන් දැන් සනාථ කරන්නේද මිනිස්සු ලෙඩුන් බවට පත් කරපූ නවීන විද්‍යාවමය.
ඉංග්‍රීසි බසින් manioc, yuca, manihot, escalenta, යන ආදී නම් වලින් විරුධාවලිය ලත් මඤ්ඤොක්කා වල නිජ බිම ලෙස සැලකෙන්නේ බ්‍රසීලය ආශ්රිත ලතින් ඇමරිකානු කලාපයයි. අදටත් පීජී ජනතාවගේ ප්‍රධාන ආහාරය අපගේ බත වගේ ඒ අයගේ මඤ්ඤොක්කා ය. අප්‍රිකානු රටවල අදටත් කෑම පිගානට මෙන්ම සාම්ප්‍රදායික වෙදකමට මඤ්ඤොක්කා අල සහ කොල නැතිවම බැරිය. බලන්න අදටත් ඔවුන්ගේ සහ අපේ පැරැන්නන් ගේ නීරෝගි බාවය සහ ශක්තිමත් බාවය. සුද්දා විසින් ටාකට් කර ගැසුවේ අපගේ එතනටමය බලන්න අද අපිුකානු රට වලට සහ අපිට කරල තියෙන ජරා වැඩ ලෙඩ රෝග හදලා වියාප්ත කරල ඔවුන්ගේ නවීනයි කියන බෙහෙත්. මැෂින් . Medical item අපිටම විකුනන හැටි මේවා අපේ පුංචි මොලෙට වැටහෙන්නේ නැති කම කොච්චර නම් අභාග්‍යයක්ද?
මඤ්ඤොක්කා කොල ප්‍රෝටීන අධික පලා වර්ග අතරින් ප්රමුඛ ස්තානයක් ගනී. ඇතැම් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නැති වුවද මෙරට ජනයාගේ ප්‍රෝටීන් අවශ්‍ය තාව බොහොම ලාබෙට සපුරාගත හැකි කදිම ක්රමයකි. මස් බිත්තර වලටත් වඩා යකඩ ප්‍රතිශතයක් අඩංගුය බිත්තර හතරක තිබෙන යකඩ ප්‍රමානයට වැඩිය මඤ්ඤොක්කා කොල ග්‍රැරැම් 100 අඩංගු ව ඇත.
Zinc අපගේ ශරීරය තුලට වැදගත් කටයුතු රාශියකට අත්‍යවශ්‍ය වන අතර මෙමගින් ලිංගික සරුබාවය තහවුරු කෙරේ එම නිසා මද සරු භාවයට ඉතාමත් ගුණ දායක වන මඤ්ඤොක්කා zinc වැඩිපුර අඩංගු වන්නේද මඤ්ඤොක්කා තුලය.
මඤ්ඤොක්කා වල පිළිකා මර්ධන ගුනය
ජින්සෙං නැමති චීන ඖෂධ අල වර්ගය තුල සුලබම හමු වන ශාක ගලයිකොසෙට් වර්ගයක් වන saponias වර්ග මඤ්ඤොක්කා කොල වල සහ අල වල අඩංගු බව දැනට සොයාගෙන ඇත තවද ඉහල ප්‍රති ඔක්සිකාරක ගුණයකින් යුක්තවන අතර විටමින් B17 ලබා ගත හැකි ලාබ දායකම ආහාරය මෙය බව දැනටත් සනාථවී හමාරය. මෙම සැපොනින් මහගු ඖෂධ ප්‍රතිලාබයක් ලබාදෙන ශාක රසායනයක් වන අතර පිළිකා අර්බුද හට ගැනීම වැලකීම මින් එක ප්‍රතිලාබයක් බව විශේෂයෙන්ම කිව යුතුයි.
අප මෙසේ මඤ්ඤොක්කා අතහැර දැමීමට තරමට සුද්දා අපව බිය වැද්දුවේ මන්ද, නමුත් සුද්දා මේවා හොරෙන් හොරෙන් අනුබවය කරන අතර වෙලද සැල්වල කැප්සූල් වශයෙන් සහ පිටි වශයෙන් ඒ රටවල මහා පරිමානයෙන් විකිනෙන බව අද වෙන විට ලොවට හෙලි වී හමාරය.
මඤ්ඤොක්කා පිසීමේදි බාජනය ඇරල පිසීම තුලින් සහ කොල මැල්ලුම සැකසීමේදී එය කොටා වරක් හොදින් මිරිකා මුල් ඉස්ම කොටස ඉවතට හෙලීම තුලින් එහි ඇති අල්ප මාත්‍රයක් වන සයනයිට් සංයුතියේ විශ බාවය මග හරවා ගත හැක. තවද ඉගුරැ සමග එකට නොගැනීම තුලිනුත් සිංහල ආයුර්වේද බෙහෙත් බොන අවස්තාවන් හීදී මඤ්ඤොක්කා ආහාරයට නොගෙන සීටීම තුලින් ඔබලාගේ සිත්වල තිබෙන චකිතයෙන් මිදීමට සහ ආරක්ෂාව තහවුරු කර ගත හැක..මෙය බටහිර ඖෂධ වලට අදාල නොවන බව කිවයුතුයි.
අදම හැකිනම් හැකි අයුරෙන් සෑම ගෙවත්තේ ම පැල කීපයක් වවා ගන්න මන්ද අප රටේ 80% පාහේ පර්වේස් 10 කට වැඩි ඉඩ කඩක් සහිත බිම් ප්‍රමානයක් සතුව ඇත එය නිකරුනේ මල් පැලයකට වල් පැලයකට ඉඩ නොදි ඔබගේ නිරෝගි බාවය වෙනුවෙන් සහ දැන් රටේ පවතින ආහාර අර්බුදය වෙනුවෙන් කදිම විසදුමක් වනු නිසකය.
✅✅✅✅✅