අද කතා කරන්න හදන්නෙ ඔයාල හැම දෙනෙකුටම වගේ ජීවිත කාලෙ එකම එක අවස්ඵාවක් හරි මුහුන දෙන්න සිදුවෙච්ච දෙයක් ගැන මොකක්ද මේ ඔයාල පොඩි කාලෙ හරි ලොකු වෙලා හරි මේ අත්දැකීමට මුහුනදීල ඇති වැඩක් කරනකොට හරි සෙල්ලමක් කරනකොට හරි මිටි පහරක් ලිස්සා ඇවිත් හෝ දොරකට අහුවෙලා හරි වෙනයම් දෙයක් හරි ගලක් හරි කකුලේ හෝ අතේ අගිල්ලට නියපොතු පුරුක ගාවට මේ වෙන ඉවසිය නොහැකි වේදනා සහිත තැල්ම ගැන. බලමු මෙහෙම උනාම ඉතින් හැදෙන වේදනාවනම් ඉවසන්න බෑ එතකොට ඉතින් අම්මල අරව තියල බදිනව මේව තියල බදිනව වෙද මහත්තය ගාවට අරන් යනව මොනා කලත් වේදනාවනම් අඩුම තරමේ දවස් දෙකක්වත් අල්ලනවම තමා ඔයාල ඒ ගැන හොදටම සාක්ෂි දාරාවි මම කියන්න හදන මේ ප්‍රතිකාරයෙන් ඔබගේ වේදනාව එවලේම පහ වෙලා ඔබට සහනයක් ගෙන දේවි. බලමු අපි එයට හේතුව සහ ප්‍රතිකාරය මොකක්ද කියල.
වේදනාවට හේතුව
නියපොත්ත තියෙන තැනට උඩින් පහරක් හිරි තදවීමක් හරි උනාහම වෙන්නෙ නියපොත්තට යටින් තියෙන ලේ ගමන් කරන කුඩා කේශ නාලිකා damege වෙනවා එතකොට එහි ඇතුලතින් ගලන ලේ පිටත සෛල අතරට පිරෙනව මෙහෙම අර කේශ නාලිකා damege වෙච්ච තැනට clotting factors ඇවිල්ල එතන වසා ගන්නා කාලය වෙනතුරුම සෛල අතරට ලේ පිරෙනව එතකොට එතන ඉදිමෙනව වගේම අපිට පිටතටත් පේනව ක්‍රමයෙන් නියපොත්ත කලු පැහැයක් හරි නිල් පැහැයක් ගන්නව හරි මෙහෙම ඉදිමුනහම වෙන්නෙ ඒ හරියෙන් යන ස්නායු තන්තු තෙරපීමකට ලක් වෙනවා අන්න එතකොට තමා අපිට තද වේදනාව හට ගන්නෙ ඉතින් වේදනාව පහ වෙන්න නම් අපි කරන්න ඕන මොකක්ද මේ ඉදිමිම වහම පහ කල යුතු වෙනවා අපිට වෙන තැනකනම් එතන තැලෙනකොටම තුවාල වෙලා හරි මේ ලේ ටික ගිහිල්ල ටික වේලාවකින් වේදනාව පහ වෙනව නමුත් මෙතනදී මේක වෙන්නෙ නැ මොකද තද ඝන නිය පොත්ත නිසා ..මේ වෙලාවෙම අයිස් ටිකක් අඩුම තරමෙ විනාඩි දහයක්වත් තියාගෙන ඉන්න පුළුවන් නම් මේ වේදනාවයි ලේ පිරෙන එකයි අඩු කර ගන්න පුළුවන් නමුත් ඒ වදින වේලාවට අපිට එක පාරටම කැ ගැහෙන්නෙ අම්මේ කියල ඉතින් අම්ම අවිත් අයිස් හොයල තියෙනකොට ඉතින් අතනට ලේ පිරිල ඉවරයි.
ප්‍රතිකාරය
මේක ඉතින් හොදින් අත දෙපාක්වත් හොදින් සබන් ගාල හෝදල පිරිසිදුව කරන්න ඕන වැඩක් …ඔබ මුලින්ම ලගම තියෙන ෂාමසිි එකට දුවල ගිහිල්ල 5cc ඉන්ජෙක්ෂන් සිලින්ඩරයක් අරගෙන එන්න ඒකෙ තියෙනව ඉදිරියෙන් ගලව ගතහැකි needle එක එය කට්ටක් ඒක ගලව ගන්න සිලින්ඩරයයෙන් ඊට පස්සෙ හොද පුලුන් කැල්ලක් හරි ගොස් කැල්ලක් හරි අරන් සර්ජිකල් ස්ප්‍රිට් ටිකකින් හරි බෙටඩින් ටිකකින් හරි අරන් නියපොත්ත උඩ දෙපාරක් පමන පිහදා ගන්න පසුව අර කට්ට හරියටම නියපොත්ත කලුවි ඇති ස්තානය මත තුඩතබා තද නොකර පහත තුන රෑපයේ දක්වා ඇති පරිදි කට්ටේ උඩින් අල්ලා වමටත් දකුනටත් කරකවන්න එවිට එම තුඩේ ඇති සියුම් බාවය නිසා අර නියපොත්තේ සිදුරක් සැදෙනව බලාගන්න පුලුවන් ඔබට කිසිම වේදනාවක් දැනෙන්නේද නැත මෙහෙම ටිකක් කරනවිට නියපොත්ත යටටම සිදුරු වී යට සම මදක් හිල් වන තෙක් කිරීමේදි ඔබ බලා සිටියදීම අර සිදුරෙන් කුණු ලේ ටික පිටතට ගලාවි ඔබට දැනෙයි එවලේම ක්‍රමයෙන් වේදනාව පහවෙන හැටි.
ලේ එනවිටම කට්ට ගන්න අහකට ඔබට දැනෙනුයේ චුටි කුබියෙක් කන්නා වැනි සුලුම සුලු වෙදනාවකි. පුළුවන් නම් අගිල්ල මිරිකා හොදට අර ලේ ටික යවන්න පසුව එතනට බෙටඩින් ටිකක් ගෝස් කැබැල්ලක දමා පාලාස්ටර් එකක් ගසන්න ඔබගේ වේදනාව කොහෙන් ගියාද කියා හිතාගන්න බැරි වේවි. පසු දින විට සම්පුර්ණයෙන් සුවයක් දැනේවි.
මෙහිදි ඔබ නොකල යුතු දේ
මේ සදහ වෙනත් කටු බාවිතය ඉදි කටු අය කටු වැනි දැ.. බාවිතා නොකරීම. කිසිසේත්ම එක් වරක් බාවිතයට ගත් කට්ට තව වරක් බාවිතා නොකිරිම. අපිරිසිදුව මෙය කිරිමෙන් වැලකීම.
මෙවැනි සුළු තැලිම් වලදීනම් යට අස්ඵි යට හානි නොවුනත් ලොකු තැලීමකදි යට අස්ඵි යට හානි විය හැකි බැවින් මෙවැනි දැ නොකර රෝහලකට රැගෙන යාමට වගබලා ගන්න ඒක ඉතින් තමන් මනසින් විසදා ගතයුතු වෙනව. සැමට තෙරුවන් සරනයි. !!
සේනක නලින්
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)
✅✅✅✅✅✅✅✅✅✅