අපි කවුරුත් අපේ දත් දෙපළ ගැන සැලකිලිමත්..
සමහර වෙලාවට ඔබ නිතරම දත් මැද්දත් , නොදැනුවත්ව සිදුකරන මේ වගේ වැරදි නිසා ඔබේ දත් දෙපළට හානි වෙන්න පුළුවන්..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
ආහාර යනු ජීවියාගේ පැවැත්මට අත්‍යවශ්‍ය වූ සාධකයක් කියන එක අපි කවුරුත් දන්නා කාරණයක්නේ… මුඛය මගින් අපි ලබාගන්නා ආහාර හොඳින් සැපීමෙන් අනතුරුව ජීර්ණය ආරම්භ වෙනවා.. ආහාර නිසි පරිදි සැපීමට නොහැකිවූවොත් නිසි ආකාරයෙන් ආහාර ජීර්ණ වන්නේ නැහැ… එය නිරෝගීමත් ජීවිතයකට බාධාවක්… නිරෝගීමත් දත් දෙපෙලක් ආහාර සැපීමට අත්‍යවශ්‍යයි..
එබැවින් අපගේ සිරුරේ නිරෝගී භාවය රැක ගැනීමට නිරෝගීමත් දත් දෙපෙළකගේ අවශ්‍යතාවය අපට හොඳින් දැනෙනු ඇතියි.. නිරෝගී දත් දෙපෙළක් තමන් සතුවීම සත්තකින්ම වටිනාම දෙයක්.. යම් හෙයකින් දත් නරක්වී දත්වල කුහර (cavity) ඇතිවී තිබුණහොත් අපගේ දත් දිරායෑමට ආරම්භ වෙනවා… එවැන්නක් නොවන්නට විශේෂයෙන්ම දත්වල කුහර ඇති වන්නට නොදී දත් ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමක්.. අද මේ ලිපිය තුළින් කතා කරන්නේ දත් කුහර ඇතිවීම සහ ඒවා වලක්වාගන්නට කළ යුතු දේ පිළිබඳවයි..
දතක කුහරයක් (cavity) සෑදෙන්නේ කෙසේද..?
දතක කුහර සෑදීම දෙආකාරයකට සිදුවනවා.. ආසාදනයක් සහිතව හෝ ආසාදනයක් නොමැතිවයි.. ආසාදනයක් නිසා ඇතිවන කුහර ඇතිවන්නේ බැක්ටීරියා ආසාදනයෙන්.. මෙම ආසාදනය හඳුන්වන්නේ sugar dependent Bactirial infection ලෙසයි.. මෙය ඇතිවන්නේ සීනි සහිත ආහාර වැඩිපුර ගැනීම නිසායි.. එසේත් නොමැතිව දත ගෙවීමකින් හෝ දත කැඩීමකින් කුහර ඇති වන්නට පුළුවන්.. ඇතැම්විට උත්පත්තියේදී දත හරියාකාරව සෑදී නොමැති නිසා දතේ වර්ධනය දුර්වලවීම නිසා කුහර ඇති වෙනවා.. ඒ සමගම වැරදි ලෙස දත් මැදීම නිසා දත ගෙවී යාමෙන් ඇතිවන කුහර තිබෙනවා.. විශේෂයෙන්ම ඇසිඩ් සහිත ආහාර ගැනීමත්, වැරදි ආකාරයට දත්මැදීම නිසා දත්වල ඇතිවන චලනය නිසාත්, කුහර ඇතිවන්නට පුළුවන්.. තවත් හේතුවක් ලෙස දතක් කැඩීම නිසා කුහර ඇති වනවා.. මේ සියල්ල සසඳා බැලූ විට දත්වල කුහර හට ගැනීමේ වැඩි ප්‍රතිශතය ඇති වන්නේ බැක්ටීරියා ආසාදනයෙන්.. මෙය හඳුන්වන්නේ suger dependent cavity යනුවෙන්..
දතක් සැදෙන මූලික අවදියේදී ෆ්ලෝරයිඩ් බහුල වශයෙන් ලැබීම හේතුවෙන් මුඛයේ සෑදෙන ක්‍රියාවල ප්‍රතිඵල නිසාත් මෙවැනි කුහර සෑදීමට ඉඩ තිබෙනවා.. එයට බොහෝ විට හේතුව දතේ ඉනැමලයේ දුර්වලතාවයයි..
බැක්ටීරියා ආසාදනයෙන් ඇතිවන දත් කුහර පිළිබඳව විග්‍රහ කළොත්,
දතක කුහරයක් බැක්ටීරියා ආසාදනයක් නිසා ඇති වනවා නම් එයට සාධක කිහිපයක් පදනම් වනවා.. දත, බැක්ටීරියා සීනි සහ යම් කිසි කාලයක් මේවා තැන්පත්වීම මෙයට හේතුවයි.. මේ සාධක හතර හරි ආකාරයෙන් ක්‍රියාත්මක වීමේදී තමයි දතක කුහරයක් ඇති වන්නේ.. මේ ආකාරයට දත නරක් වන්නේ ආම්ලික පරිසරයක් ගොඩනැගෙන නිසායි.. මේ ආම්ලික පරිසරය නිසා දත දියවී කුහරයක් හට ගන්නවා.. අපේ මුඛයේ බැක්ටීරියා දහස් ගණන් තිබෙනවා.. සීනි සහිත ආහාර නිතර වැළඳීමේදී මුඛයේ ඇති බැක්ටීරියා සමග සීනි ප්‍රතික්‍රියා කර අවසානයේදී ආම්ලික පරිසරයක් දත තුළ නිෂ්පාදනය වෙනවා.. මේ ආම්ලික පරිසරය හරහා දත දිරා යෑමට පටන් ගන්නවා..
මේ තත්ත්වයෙන් දත අවට පරිසරය මුදවා ගන්නේ කොහොමද..?
විශේෂයෙන්ම ආම්ලික පරිසරයක් දත තුළ ගොඩනැගීම වළක්වා ගත හොත් මේ තත්වයෙන් මුදවා ගන්නට පුළුවන්.. එසේ නම් ආම්ලික තත්වය උදාසින කරමින් භාෂ්මික තත්වයක් දත අවට පරිසරය තුළ නිපදවිය යුතුයි..
කෙළෙසද භාෂ්මික තත්ත්වයක් දත තුළ ගොඩනංවන්නේ..?
බොහෝ විට ෆ්ලෝරයිඩ් ආලේපන මගින් මේ තත්වය භාෂ්මික කළ හැකියි.. ඇතැම් විට දතක යම් තම් කුහරයක් ඇතිවුවත් එය තවදුරටත් ආම්ලික වටපිටාවක් නොතිබෙන්නට හැර ඒ තත්වය උදාසින කළොත් දත නරක් වන්නේ නැහැ.. කුහරය කුඩාවට තිබුණොත් පමණයි මේ තත්වයෙන් මුදා ගත හැක්කේ.. නමුත් ක්‍රමයෙන් කුහරය විශාල වුවහොත් එම කුහරය මත ආහාර තැන්පත් වනවා.. එයින් අදහස් කරන්නේ සීනි ප්‍රමාණයක් තැන්පත්වීමයි.. එවිට ක්‍රමයෙන් දත් දිරායාමට පටන් ගන්නවා..
මුඛයේ බැක්ටීරියා විශාල ප්‍රමාණයක් තිබෙනවා.. මෙම බැක්ටීරියා අවම කරගන්න පුළුවන්ද..? මේ කියන්නේ අන්න ඒ ගැනයි.. එය කොහෙත්ම කළ නොහැකියි.. මේ බැක්ටීරියා අපගේ ජීවන චක්‍රයට අත්‍යවශ්‍යයි.. ඒ නිසා බැක්ටීරියා පාලනය කළ නොහැකියි..
එසේ නම් දත් කුහර වලින් මග හරවා ගැනීමට අප විසින් පාලනය කළ යුත්තේ කුමක්ද..?
අප ආහාර ලෙස ගන්නා සිනි ප්‍රමාණය අවම කළ යුතුයි.. ඒ සමගම දතේ ආහාර රැඳෙන කාලයද අවම කළ යුතුයි.. ඇත්ත වශයෙන්ම දත් මත සීනි තැන්පත් වූ විට පමණයි බැක්ටීරියා ආසාදනය සිදු වන්නේ.. එසේ නොමැතිව බැක්ටීරියා ආසාදනය සිදු වන්නේ නැහැ.. එසේ නම් අප පාලනය කළ යුත්තේ සීනි සහිත ආහාරයි..
සීනි සහිත ආහාර පාලනය කළ යුත්තේ කෙලෙසද..?
අප ගන්නා සීනි සහිත ආහාර ප්‍රධාන කෑම වේල්වලට පමණක් සීමා කළ යුතුයි.. මේ ආහාර වේල් අතරවාරයේ සීනි කෑම ගැනීමෙන් වැළකිය යුතුයි.. විශේෂයෙන්ම කුඩා දරුවෝ පැණි රස චොක්ලට් වර්ග කෑමට ඇල්මක් දක්වන නිසා ඒවා නිතරම ලබාදිය යුත්තේ ප්‍රධාන කෑම වේල් සමග පමණයි.. එසේත් නැතිනම් පෝෂ්‍ය පදාර්ථවලින් පිරිපුන් ආහාර වේලක් දරුවන්ට ලබා දුන් විට ඔවුන්ගේ කුස පිරීම නිසා අතුරුපස ලෙස චොක්ලට් වැනි ආහාර ලබා ගැනීමට එතරම් අවශ්‍යතාවයක් දක්වන්නේ නැහැ..
හරියාකාරව දත් නොමැදීමත් දරුවන්ට දත්වල කුහර ඇතිවීමට හේතුවක්ද..?
ඇත්තෙන්ම අප ජීවත්වන කාර්ය බහුල පරිසරය තුළදී මව්වරුන්ට විවේකයක් නැහැ. තම දරුවාගේ දත් මැදීම පිළිබඳව අවධානය යොමු කිරීමට. නමුත් එයට කෙසේ හෝ වේලාවක් සොයා ගත යුතුයි. තම දරුවා දත් මැදීමට පෙර තමාද දරුවා ඉදිරියේ සිට දත් මැදීම කළ යුතුයි. එය හරියාකාරව කළ යුතුයි. එවිට දරුවා මව දත් මදින ආකාරය අනුගමනය කරමින් දත් මදින්නට උත්සාහ කරනවා. එවිට හරියාකාරව දරුවා දත් මදින්නට පුරුදු පුහුණු වෙනවා.
විශේෂයෙන් රාත්‍රි ආහාරයට පසු දත් මැදීම අත්‍යවශ්‍ය කරුණක්. බොහෝ දෙනා කම්මැලිකම නිසා එලෙසින් නිදා ගැනීම දත් දිරායාමට ප්‍රධාන හේතුවක්. රාත්‍රිය පුරා සීනි සහිත ආහාර මුඛයේ ඇති බැක්ටීරියා සමග ප්‍රතික්‍රියා කර විශාල ආම්ලික පරිසරයක් දත තුළ ගොඩ නගනවා. එවිට දත දිරායාමට ආරම්භ වෙනවා.
දත්වල කුහර සැදෙන්නේ දත් ඇන්දේ සපන කොටසේ පමණක්ද..?දත් දෙකක් අතරත් මේ තත්වය සිදු වන්නට පුළුවන්.. එයට හේතුව දත් අතර කෑම රැඳෙන ප්‍රමාණය වැඩියි.. එය දීර්ඝ කාලීනව පැවතීමෙන් මේ දත් අතරත් කුහර ඇති වන්නට පුළුවන්.. නමුත් එය අපට බොහෝ විට දැකගත නොහැකියි..
එවිට අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයකු හමුවීමට යා යුතුයි.. එය සැක හැර දැන ගැනීමට එසේ නොමැතිව දත් ඇන්දේ හපන කොටස් තිබෙන කුහර අපට දක්නට ලැබෙනවා.. මෙය බොහෝ විට දතේ කෑම රැඳීමෙන් සහ දත සම්බන්ධ ස්නායුවල සංවේදීතාවය නිසා දැනෙනවා.. දතේ දන්තිනය නිරාවරණය වීමේදී තමයි මේ සංවේදීතාවය දැනෙන්නේ..
විශේෂයෙන්ම දත් දෙකක් අතර කුහර ඇතිවීමට බලපාන ප්‍රශ්නයක් තමයි බොහෝ දෙනා ඉවක් බවක් නොමැතිව Tooth pick භාවිතය.. Tooth pick භාවිතය නිසා දත් අතර හිඩැස වැඩිවී ඒ අතර ආහාර රැඳෙන්නට පටන් ගන්නවා.. ඒවා ක්‍රමයෙන් ආම්ලික තත්වයට පත්වී අපටත් නොදැනීම දත දිරා කුහරයක් තත්ත්වයට පත් වනවා.. එබැවින් නිතරම Tooth pick භාවිතයෙන් වැළකී සිටිය යුතුයි..
දතක් නරක් වී ඇති බව හෝ කුහරයක් ඇතිවී ඇති බවට ඒත්තු ගන්වන ලක්ෂණ මොනවාද..?
එනැමලයේ සුදු පැහැති පැල්ලමක් ඇති වනවා.. දත ඉහළ ස්ථරය එනමලය තදයි.. නමුත් යට තිබෙන ස්ථරය තද නැහැ.. එවිට ඉක්මනින් යට තිබෙන ස්ථරය ගෙවෙන්නට පටන් ගන්නවා..
සමහරවිට මේ එනමලය මත කෑම තැන්පත් වෙලා කහ පැහැයක් ඇති වන්නට පුළුවන්.. ඇතැම් අයගේ දන්තීනය එතරම් සංවේදී නැහැ.. එවැනි අයට දත්වල කුහරයක් ඇති වුණොත් දැනීම අඩුයි.. එවිට නොදැනුවත්වම දත දිරායන තෙක් දැනෙන්නේ නැහැ.. ඇතැමුන්ගේ දත් දිරායාමේ ප්‍රවණතාවය ඉක්මන් නම් සීඝ්‍රයෙන් දත දිරන්නට පටන්ගන්නවා.. ඒ වගේම නිසි ආකාරයෙන් දත් මදින්නේ නැත්නම් මේ තත්වය උදා වනවා.. ඊළඟ තත්වය දතේ කුහරයක් ආවිට හරියාකාරව ශුද්ධ නොකර පිරවීම පමා කළොත් ඉක්මනින්ම දත දිරා යෑමට ඉඩ කඩ තිබෙනවා..
දත්වල කුහර ඇතිවීම, දිරායෑම වළක්වා ගැනීමට ඔබ විසින් කළ යුත්තේ කුමක්ද..?
-දිනපතා දෙවරක් උදේ රාත්‍රි දත් මැදීම..
-සීනි සහිත ආහාර ප්‍රධාන වේල් වලට පමණක් සීමා කර ගැනීම..
-දත් නිසි ආකාරයට මැදීම..
-දත්වල සිරවූ ආහාර ඉවත් කිරීමට නිතරම Tooth pick භාවිතා නොකිරීම..
-මාස 6 කට වරක් දන්ත වෛද්‍යවරයකු වෙත ගොස් දත් පරීක්ෂා කර බැලීම..
-වයස්ගත වූ රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ risk group එකේ සිටින උදවිය මාස 3 කට වරක් වත් දන්ත ශල්‍ය වෛද්‍යවරයා මුණ ගැසීමට යාම..
මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් බොහෝ විට දත් දිරායාම සහ දත් කුහර වලින් වැළකී සිටීමට ඔබට පුළුවන්..
අන්තර්ජාලය ඇසුරෙන්..
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅