ප්‍රදේශයම කලබමින් මව සහ දියණියන් දෙදෙනෙකුගේ සිරුරු ලිදකින් මතුවෙයි


 මුලතිව් මාන්කුලම් පනික්කන් කුලම් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී මවකගේ සහ දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු අද  සොයා ගත් බවට මාන්කුලම් පොලිසිය පැවසීය.

පනික්කන් කුලම් ප්‍රදේශයේ පදිංචි අදාළ මව සහ දියණියන් දෙදෙනා ජීවත් වූ නිවසේ අසල වෙනත් ගෙවත්තක ළිඳක තිබී එම මළ සිරු සොයා ගත් බවට පොලිසිය පැවසීය.

ළිඳේ තිබුණු අදාළ මළ සිරුරු පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරිවරයා විසින්  පොලිසියට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව එම ස්ථානයට පැමිණි මාන්කුලන් පොලිසිය මාන්කුලම් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයන් පරිදි මළ සිරුරු ළිඳෙන් ගොඩට ගෙන මළ සිරුරු මාන්කුළම් රෝහල වෙතට රැගෙන යනු ලැබීය



✅✅✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post