යාපනයේ ජෝඩු 108ක් එකම කෝවිලක, එකම නැකතකදී විවාහ වෙයි


 යාපනය දිස්ත්‍රික්කයේ විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළ 108ක් යාපනය,සෙල්වසන්නිදි කෝවිලේදී එකම නැකතකදී විවාහපත් වී තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල්වල විවාහ අපේක්ෂාවෙන් සිටි මෙම පිරිස ඊයේ (18) එකම නැකතකට තැල්ල බැඳීමේ චාරිත්‍රය සිදුකරමින් විවාහවීම එහිදි සිදුකෙරිණ.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක පදිංචිව සිටි විවාහ අපේක්ෂිත පිරිසක් එලෙස එකම කෝවිලකදී, හින්දු චාරිත්‍රානුකූලව විවාහ පත්වී තිබේ.

සිංගප්පූරුවේ පදිංචි ටී. තුරෙයි නමැති ව්‍යාපාරිකයෙකු විසින් සිය මූල්‍ය දායකත්වය යටතේ සෑම විවාහ යුවළකට රන් පවුම් භාගය බැගින් රන් තැල්ලක් ලබාදී විවාහ මංගල්ලයේ මූල්‍ය දායකත්ව දරමින් විවාහ උත්සවය සංවිධානය කොට තිබිණි.

"මගේ දියණියගේ විවාහ මංගල්ලයේ දී ඇතිවු සිතුවිල්ලක් මත තමයි මේ ක්‍රියාව සිදුකළේ. විවාහයක් කරගන්න එක සෑම ආදරණිය ජෝඩුවකම අපේක්ෂාව. සල්ලි අඩුපාඩුකම් මත විවාහ මංගල්‍යයක් කරගන්න බැරුව ගොඩක් දෙනෙක් දුක්වෙනවා. ඒ ගැන හිතලා තමයි මම මේ ක්‍රියාව කරන්න මුල් වුණේ. මට පුළුවන් විදියට මම ඒ ආදරණිය ජෝඩුවලට උපකාරයක් කළා." යනුවෙන් ව්‍යාපාරික තුරෙයි මහතා සඳහන් කළේය.

වැඩසටහන් අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. සුදර්ශන් මහතා ඇතුළු විවාහපත් පිරිසගේ ඥාතීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post