සියල්ලන්ට මුවා වී සිදුකරන මහා වන විනාශය


 වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බලහරුව සහ දෙබරආර යන ගම්මානවලට මැදිව පිහිටා ඇති වන සංරක්ෂණයට අයත් විශාල කැලෑ ප්‍රදේශයක් ගිනි තබා විනාශ කර ඇතැයි 'අද දෙරණ' වාර්තා විය.

වසර සිය ගණනක් ඉපැරැණි කුඹුක්, වීර, පලු, දඹ සහ මයිල වැනි වටිනා ශාක රැසක් මේ වන විටත් කපා දමා ගිනිබත් කර ඇති බව සඳහන්ය.

අක්කර ගණනාවක විශාල කැලෑවක් මෙලෙස විනාශ කරන අතරතුර මෙම වන සංහාරය සිදුකරන ජාවාරම්කරුවන් විසින් දෙබරආර වැවට ජලය ගලා එන ප්‍රධානතම ඇළ මාර්ගය ද හරස් කර ඇති බව ගොවීන් පවසයි.

මෙලෙස සිදුවන වන විනාශය නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලීම් කර සිටී.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post