යොවුන් මිහි­කත රූ රැජින-2025 හොඳම දේශීය ඇඳුම් නිර්මා­ණ­යට හිමි සම්මා­නය මවිති පුන්ස­ර­ණිට


 ඉන්දි­යාවේ පැවති 08 වන Òයොවුන් මිහි­කත රූ රැජින – 2025” තර­ගා­ව­ලි­යට (Miss Teen Earth – 2025) ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් සහ­භාගී වූ, මවිති පුන්ස­රණි මෙණ­විය, එම තර­ගා­ව­ලියේ හොඳම දේශීය ඇඳුම් නිර්මා­ණ­යට (Best in National Costume) හිමි­වන සම්මා­නය දිනා කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත ඊයේ (11) පස්ව­රුවේ පැමි­ණි­යාය.

මෙම තර­ගා­ව­ලිය වයස අවු­රුදු 20ට අඩු ලෝකයේ රට­වල් 15ක රූ රැජි­නි­යන් 15 දෙනෙ­කුගේ සහ­භා­ගී­ත්ව­යෙන් ඉකුත් 08/03 දින සිට 08/09 දින දක්වා ඉන්දි­යාවේ ජායි­පූර් නුවර පවත්වා තිබුණි.

19 හැවි­රිදි මවිති පුන්ස­රණි නිරූ­පන ශිල්පි­නි­යකි ලෙස කට­යුතු කරන අතර ඇය විසින් ඉදි­රි­පත් කළ දේශීය අන­න්‍ය­තා­වය පිළි­ඹිබු කෙරෙන මෙම ඇඳුම් නිර්මා­ණය සඳහා මෙම සම්මා­නය හිමි වී තිබේ.

මවිති ඊයේ පස්වරු 01.30ට ඉන්දි­යාවේ හයි­ද්‍රා­බාද් නුවර සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1181 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ තිබූ අතර ඇය පිළි­ගැ­නීම සඳහා යොවුන් මිහි­කත රූ රැජින තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ සහ එහි ජාතික පුහු­ණු­කරු රුක්මාල් සේනා­නා­යක, මවි­තිගේ දෙමා­පි­යන්, නැදෑ හිත­ව­තුන් විශාල පිරි­සක් ද කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ සිටි­යහ.

කටු­නා­යක – ටී.කේ.ජී. කපිල

Dinamina News

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post