ගැටලාව වැවෙන් උණ්ඩ 7000කට වැඩි ප්‍රමාණයක් සොයා ගනී


 ගැටලාව වැවේ තිබී උණ්ඩ සොයා ගැනීමේ සිද්ධියෙන් අනතුරුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පසුව තවත් උණ්ඩ 2000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට ගැටලාව වැවේ තිබී ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 7,118ක් සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගැටලාව වැව වෙත දරකැඩීම සදහා පැමිණි පුද්ගලයෙකු දරකැඩීම සඳහා වැවට බැස ඇති අතර එම අවස්ථාවේ දී වැවෙහි ජලයේ තිබී උණ්ඩ කිහිපයක් දැක තිබුණි.

මේ පිළිබඳව එම පුද්ගලයා විසින් 118 හදිසි ඇමතුම් අංකය හරහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කර ඇති අතර එහිදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී මෙම උණ්ඩ තොගය සොයා ගෙන ඇත.

එහිදී ඊයේ දිනයේ සිදු කළ මෙහෙයුමේ දී ජීව උණ්ඩ 5,038ක් සොයා ගෙන තිබිණි.

අද දිනයේ ද ආරක්ෂක අංශ විසින් අදාළ මෙහෙයුම් සිදු කර ඇති අතර එහිදී  ටී 56 උණ්ඩ 1965ක් සහ ආධාරක අවි උණ්ඩ 115ක් සොයාගෙන තිබේ.

මීට අමතරව ටී 56 මැගසින් 11ක් සහ ඔයිල් කෑන් 05ක් ද සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සොයාගත් උණ්ඩ තොගය පොලිස් භාරයට ගෙන ඇති අතර මේ සම්බන්ධව ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකය.


Ada Derana News 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post