ගාසා තීරයේ වැසියන් දකුණු සුඩානයේ පදිංචි කරවීමට ඊශ්‍රායලය සැලසුම් කරන බවට මාධ්‍ය වාර්තා පසුගිය දින කිහිපය තුළ පළ විය.
මෙම සැලසුම සම්බන්ධව දැනුවත් පුද්ගලයින් හය දෙනෙක් උපුටා දක්වමින් AP මාධ්‍ය ජාලය පළකළ එම වාර්තා දකුණු සුඩාන රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ගාසා වැසියන් ස්වේච්ඡාවෙන් වෙනත් කලාප වෙත යොමු කිරීමට තමන් අපේක්ෂා කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසා ඇති පසුබිමක මෙවන් පුවත් වාර්තා වීම විශේෂත්වයකි.
Ada derana news
Redirecting in a moment...
Tags:
News
