කොළඹ වරායෙන් හමුවූ සමූහ මිනීවළෙන් පුද්ගලයින් 88 දෙනෙකුගේ අස්ථි කොටස්


 කොළඹ වරාය පරිශ්‍රයෙන් අහඹු ලෙස හමුවූ සමූහ මිනීවළෙන් මෙතෙක් කරන ලද කැණීම්වලින් පුද්ගලයන් 88 දෙනෙකුට අයත් අස්ථි කොටස් සොයාගෙන ඇතැයි කැණීම් නිලධාරීහු පවසති.

තාවකාලිකව නවතා දමා තිබූ මිනීවළේ තුන් වන අදියරේ කැණීම් කටයුතු යළි ආරම්භ කර ඇති අයුරු අපට දැක ගත හැකි විය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායකගේ අධීක්ෂණය යටතේ සමූහ මිනීවළේ කැණීම් කටයුතු සිදුවන අතර සමූහ සුසාන කැණීමෙහි ලා මෙරට ප්‍රවීණයෙකු වන පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ මෙහෙයවීම මත කැණීම් කටයුතු සිදු වේ.

එහි වෛද්‍ය විද්‍යාත්මක කටයුතු භාර වී ඇත්තේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සුනිල් හේවගේ වෙත ය.


ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා කුලුනු මතින් ඉදිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අතරතුර මෙම මිනිස් අස්ථි කොටස් හමු වී තිබිණි


ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා දිවෙන කුලුනු මතින් ඉදිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුර 2024 ජූලි මස 13 වන දා මිනිස් අස්ථි කොටස් හමු වී තිබුණේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙනි.


BBC NEWS

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post