ගුරුවරුන්ගේ ගැටලුවට විසඳුම් ලැබෙයි


 සාකච්ඡාවලින් තම ගැටලුවට විසඳුම් හිමිවූ බැවින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිදුකළ විරෝධය අවසන් කිරීමට ගුරු දරුවෝ එකමුතුව කටයුතු කර තිබෙනවා.


පසුගිය 18 වන්දා රාත්‍රිය පුරාද මෙම එකමුතුවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියා.


ගුරු දරුවෝ එකමුතුව එම විරෝධතාව ආරම්භ කළේ එදින පෙරවරුවේයි.

තමන් සේවය කරන පාසලට තම දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ.


ඔවුන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාව සිදුකළා.

ඔවුන්ට පසුගිය (19) දිනයේ ගැටලු සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය අවස්ථාව ලබාදී තිබුණා.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post