ඔයාට වරදිනවා වගේ පෙනුනට මේ වරදිනවාත් නෙවේ.. ඉවසන් ඉන්න..." ඇය කියූ හිතට දැනෙන ඒ කතාව මෙන්න...


 ඇය හැම වෙලාවකම සමාජ මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක්.. ඒ විතරක් නෙවෙයි..


ඇය මේ සමාජමාධ්‍ය හරහා සමාජයට ලබාදෙන උපදෙස් ගොඩක් වටිනවා.. 

ඒ නිසාම ත්‍රිකලාගේ වටා බොහෝ පිරිසක් එක්වෙලා ඉන්නවා කිව්වොත් හරි..

කොහොම වුණත් නිරූපණ ක්ෂේත්‍රයේ අද වෙනකොට නමක් දිනාගෙන ඉන්න ඇය අද මේ කියන්නේ ඇයට සමීප වුණු තවත් එක් අත්දැකීමක් ගැන..

"වැරදි කරන උන්ටමයි හරියන්නේ... මෙච්චර මිනිස්සුන්ට උදව් කරන හොදින් ඉන්න අපිටමයි වරදින්නේ...."
කියලා ඔයාට හිතිලා තියේද ???
ඒනම් මේක අහන්න
බස් එකේ ගිහින් රු.5000/=ක් අරන් ශූට් කරපු අතීතයක් මට තිබුනා.... හැබැයි මං වගේ බිංදුවේ ඉදන් ගොඩයන්න දගලන අවංක මනුස්සයෙක් දැක්කම රුපියලක්වත් ගන්නැතුව මටත් අමාරු කාලේ, අතින් වියදම් කරන් ගිහින් නිකන් ශූට් කරලා උදව් කරපු වාර ගොඩක් තිබුනා..!!
මග තොට හම්බුනාම ඒ අය අද යන්නේ ලොකු ලොකු වාහනවල... අද මගේ මිල ගණන් ගොඩක් අයට දරන්න බැරි වුනත්, මගේ දරුවන්ගේ ව්‍යාපාර ගොඩ දාන්න රුපියක්වත් නොගෙන එයාලා අතින් මම මනාලියකට හැඩ වෙලාත් තියනවා..
ඒ අතර පොඩ්ඩක් හරි ගියාම මුල අමතක වුන අයත් මට හම්බෙලා තියනවා..
හැබැයි ,
මම කවදාවත් ඇයි මිනිස්සු එහෙම කියලා හිතලා නෑ.. මිනිස්සු එහෙම තමයි කියලා හිත හදාගෙන සතුටින් ඒ කරපු උදව්වත් අමතක කරලා දැම්මා..
කෙනෙක් දෙන්නෙක් එහෙමයි කියලා..
අනික් අයට උදව් කරන එක නතර කලෙත් නෑ.....
එයාලගෙ නරක ගතිගුණ නිසා, ඔයාගෙ හොද ගතිගුණ කවදාවත් නැති කරගන්න එපා
මොකද,
අපි කරන හොද නරක අපේ පස්සෙන් හෙවනැල්ලක් වගේ සංසාරේ පුරාවටම එනවා...
ඉතින් නරක අයට හරියනවා වගේ පෙනුනට ඒ හරියනවා නෙවේ..
ඔයාට වරදිනවා වගේ පෙනුනට මේ වරදිනවාත් නෙවේ..
ඉවසන් ඉන්න... සොබාදහමට ඔයා ගැන ලොකු ප්ලෑන් එකක් තියනවා.."

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post