අගෝස්තු 17. මේ දවස ඔබ හිතනවාට වඩා ප්‍රබලයි. තවත් ප්‍රබල ග්‍රහමාරුවක් ගැන ඇසෙන ඒ කතාව මෙන්න.


 විවිධ කාල සීමාවලදී සිදුවන ග්‍රහ මාරු ගැන අපි විවිධ අවස්ථාවලදී කතාබහ කරනවා..


ඔබ දැනගෙන හිටියාද හෙටත් අන්න ඒ වගේ තවත් එක විශේෂ දවසක් කියලා.. 

රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ සැලකීමක් දැක්විය යුතු කාල වකවානුවක් ලෙස ඉදිරි දින 8 ක පමණ කාලය සඳහන් කළ යුතුයි..

අගෝස්තු 17 පාන්දර 01.20 තත්පර 17 ට රවිගේ සිංහ රාශි සංක්‍රාන්ති ප්‍රවේශය සිදුවන අතර රවි ග්‍රහයා කටක රාශියේ සිට සිංහ රාශියට පිවිසෙන මේ මොහොතේ වෘෂභ ලග්න තත්කාලයක් උදාව පවතී. අගෝස්තු 13 දින සිට 21 දින දක්වාම රාජ්‍යකාරක රවි ග්‍රහයා ගණ්ඩාන්තයේ ගමන් කරයි.

මේ ග්‍රහචාරය විරුද්ධ පාක්ෂිකයන්ගේ රහසිගත ක්‍රියාකාරකම් සහ කුමන්ත්‍රණ ද ක්‍රියාත්මක වන කාලයකි. විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලකයකුටද අගුණදායී බවක් පෙන්වයි.

වර්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර කාලගුණයේ විපර්යාස මෙන්ම ගොවිතැන් සම්බන්ධ කටයුතු පිළිබඳව ආන්දෝලනාත්මක සංසිද්ධි සහ නායයෑම් හෝ වාසුළි තත්ත්ව ආදිය ද ඇති විය හැකිය. කර්මාන්ත සහ ආයෝජන මෙන්ම අන්තර්ජාතික වෙළෙඳ ගණුදෙනුවල යම් යම් විපර්යාසවලට තුඩු දිය හැකි ග්‍රහ පිහිටීමකි.

ඉකුත් 12 වෙනිදා සිදුවූ ගුරු – සිකුරු යුද්ධයෙන් සිකුරු ජයගැනීමේ ප්‍රතිපල අගෝස්තු 21 සිකුරු කටක රාශිගතවන කාලය දක්වාම වඩ වඩාත් තීව්‍ර ලෙස දැනෙනු ඇත. ව්‍යාපාරික සහ කලා ක්ෂේත්‍ර මූලික වන පරිදි නැණවත් ගුණවත් හෝ රටේ කීර්තිමත් අයකුට යම් අගුණදායක බවක් ගෙනදෙන අතරම කාන්තාවන් සම්බන්ධව ආන්දෝලනාත්මක පුවත් ද නිර්මාණය වෙයි. දේශපාලන පිටියද උණුසුම් වන අතර ආන්දෝලනාත්මක අධිකරණ තීන්දු පිළිබඳ අසන්නට ලැබෙනු ඇත.

අගෝස්තු 30 දක්වාම කටකයේ බුද නිවෘතව ඉදිරියට ගමන් කරන මෙකී කාලය තුළ වෙළඳ හා නීති සම්පාදනයත්, නව අණ පනත් සංශෝධනය වීම් ආදියත් දැකගන්නට හැකිවනු ඇත. පොත් පත් සාහිත්‍යය සම්බන්ධ කටයුතු කෙරෙහි උද්‍යෝගිමත් බවක් ඇතිවන අතර , නව සොයාගැනීම් සහ විද්‍යාත්මක හැදෑරීම්වල උනන්දුවද මේ කාලය තුළ ඇතිවේ. නීත්‍යානුකුල ලියකියවිලි හෝ යම් යම් ව්‍යාපාර සම්බන්ධව විශේෂ කරුණු හෙළිවනු ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ, පාතාලයේ සහ අපරාධ රැල්ලේ යම් ආන්දෝලනාත්මක සිද්ධීන්ද මේ කාල පරාසය තුළ අසන්නට ලැබෙනු ඇත. මහජන අප්‍රසාදය වරින් වර ඇතිවන ලකුණුද පෙනෙන අතර ජනමාධ්‍යය සම්බන්ධවද විශේෂ පුවත් මැවෙන කාලයකි.

  සුබසෙත පුවත්පත ඇසුරෙන්..
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post