කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (12) අලුයම 3ට පමණ මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල් වෙත ඇතුලත් කර ඇත.
තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.
මින්නේරිය පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Ada derana News
Redirecting in a moment...
Tags:
News
