ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය වෙමින් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ වේගය මුලින් අපේක්ෂා කළාට වඩා වේගවත් වන බව ඔහු Channel News Asia සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.
අර්බුදයකින් පසු යථා තත්ත්වයට පත්වීමට සාමාන්‍යයෙන් වසර 4-5ක් ගත වන නමුත්, ශ්‍රී ලංකාවට වසර 3ක් ඇතුළත එම මට්ටමට ළඟා වීමට හැකි වූ බව ඔහු පෙන්වා දෙනවා.
මෙම ප්‍රගතියත් සමඟ, ඉදිරි වසරක් තුළ රැකියා, දරිද්‍රතාවය අවම කිරීම, ආදායම් සහ ජීවන වියදම වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල අර්බුදයට පෙර පැවති තත්ත්වය ඉක්මවා යාමට හැකි වනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරනවා.
එමෙන්ම, ඉදිරි වසර 3-5ක් ඇතුළත ඉහළ ජීවන වියදමට සරිලන ආදායම් මට්ටමක් කරා ළඟා වීමට හැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය පෙන්නුම් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Tody News LK
Redirecting in a moment...
Tags:
News